1.

353 33 58
                                    

"ආශ් මේ ට්‍රැෆික් එක..."

වාහන පෝළිමක් අස්සේ වාහනේ නවත්තගෙන හිටපු යේලි හරිම නොරිස්සුමෙන් එහෙම කියලා සුක්කානමට අත මිට මොළවලා තද පහරක් ගැහුවේ හිතේ තිබුණු නොසන්සුන්කමට... ඒ අතරෙම පැසෙන්ජර් ශීට් එකේ තියලා තිබුණු තරමක් ලොකු ප්ලාස්ටික් පෙට්ටිය දිහා සැරෙන් සැරේ බලන්නත් යේලි අමතක කළේ නෑ.. මොකද ඒ පෙට්ටිය අද කෙනෙක්ගේ ජීවිතේ අමතක නොවන දවසක් බවට පත් කරන බව යේලි හොඳින්ම දැනගෙන හිටියා...

යේලි අභිමන්ත්‍රා දිසානායක කියන්නේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආභරණ නිෂ්පාදන ශිල්පිනියක්.. ආත්‍රා ජුවලර්ස් කියන්නේ යේලි ගොඩ නගපු ජුවලරි බ්‍රෑන්ඩ් එක... ඒක වීඅයිපී කස්ටමර්ස්ලට විතරක් සේවාව සපයපු කොටින්ම කස්ටමයිස් කරපු ආභරණ විතරක් හදන ජුවලරි බ්‍රෑන්ඩ් එකක්... යේලිට සම්මාන වලින් අගය කිරීම් ලැබුණු නිර්මාණ කිහිපයක් ආත්‍රා ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයේ ඉස්සරහින්ම වඩාත් කැපිලා පෙනෙන විදියට ප්‍රදර්ශනය කරලා තිබුණා.. ආත්‍රා ජුවලර්ස් කියන තරමක් විශාල නාම පුවරුව යටතේ අගනුවර තරමක් ජනාකීර්ණ පෙදෙසක තිබුණු දෙමහල් ගොඩනැගිල්ල ප්‍රධානව ම වෙන් වෙලා තිබුණේ යේලිගේ නිර්මාණ කටයුතුවලට... ඒ ප්‍රදර්ශනාගාරයේ යේලිගෙන් මේ ක්ශේත්‍රය ගැන වැඩිදුර ඉගෙන ගන්න ආපු සේවකයන් පස් දෙනෙක් වගේම.. ශෝ රූම් එකේ අනික් වැඩ කටයුතුවල යෙදිලා හිටපු සේවකයෝ පස් දෙනෙක් පමණ සේවය කළා...

මාර්ග තදබදය අස්සෙම යේලිගේ කළු පාට ටිකක් දුර්වර්ණ වුණු ඇක්සියෝ රථය ගමනාන්තයට ළඟා වුණා.. ඉඩ තියෙන තැනක් බලලා කාර් එක නවත්තපු යේලි පැසෙන්ජර් ශීට් එකේ තිබුණු පෙට්ටිය දිහා බලලා කෙටි හිනාවක් දාලා හෑන්ඩ් බෑග් එකේ තිබුණු මේකප් බෑග් එක එළියට අරගෙන ඒකෙන් පොඩි මිරර් එකක් එක්ක බ්‍රයිට් රෙඩ් ශේඩ් එකක ලිප් ග්ලොස් එකකුත් එළියට ගත්තා.. Rear view mirror එක තියෙද්දි ආයේ අමුතුවෙන් තව කන්නාඩියක් බදාගෙන වද විදින්න ඕන නෑ කියලා හිතපු යේලි හරිම ඉක්මනින් ඒක ආයෙම තිබ්බ විදියටම බෑග් එක ඇතුළට විසි කරලා කාර් එකේ මිරර් එකෙන් තමන්ව හරියට පේන විදියට ඒක සීරු මාරු කරගත්තා..

Strike 2.0Where stories live. Discover now