3

108 21 11
                                    


"let's raise our glasses !!! Yeli, here's to your brilliance, dedication, and the exciting road ahead. Cheers to your success!"

දිග මේසයක වාඩි වෙලා හිටපු තරුණියෝ කිහිපදෙනෙක් තම තමන්ගේ ශැම්පේන් වීදුරු එකිනෙක හප්පවාගනිමින් යේලිගේ අලුත් ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළා.. අගනුවර ඉහළ පැලැන්තියේ මිනිසුන් සේම ඒ පැලැන්තියේ යැයි පෙනී සිටීමට ආශා කල මිනිසුන්ගෙන් පිරි ගිය අවන්හලක කලින් වෙන්කරවාගත් මේසයක මැදට වෙන්න වාඩිවෙලා ඉඳපු යේලි හිනාවෙවීම පුරවගත්තු ශැම්පේන් වීදුරුවෙන් ටිකක් රස වින්දා..

හාත්පස විවිධ පාටවල්වල ලයිට් එළිවලින් දිලිසුම් දෙද්දි අවන්හලේ මේස පුටු හැදි ගෑරුප්පු වලිනුත් ඇති කළේ දිලිසුමක් ම විතරයි.. ඒක හරියට එතන ඇවිත් හිනාවෙවී ආහාර ගන්න විනෝද වෙන මිනිස්සුන්ගේ අඳුර හංගන්න අවන්හල විසින්ම ගන්න ප්‍රයෝගයක් වගේ.. පැත්තකින් ලස්සන කඩහඬකින් සින්දුවක් මිමිනෙද්දි යේලිවත් යේලිගේ යාලුවෝ ටිකවත් ඒ සින්දුවට හෝ ඒ සංගීතයට හෝ ඇහුම්කන් දෙන්න වෙලාව වෙන් කළේ නෑ.. ඒ හැමෝම කතාබහේ කාර්‍ය්බහුල වෙලා හිටියා..

"යේලි ඔයා මාර ලකී හරිද.. නිකන් හිතන්න.. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බ්‍රේක් අප් වුණු දවසෙම ඔයාව බෙස්ල්වර්ල්ඩ් එකට සිලෙක්ට් වෙනවා හිතන්න්කෝ අනේ.. මාරයිනේ.."

යේලිගේ එක යාළුවෙක් එහෙම කිව්වාම යේලි ශැම්පේන් වීදුරුව මේස උඩින් තියලා මේසෙට බර වුණේ ලොකු කතාවක් කියන්න මුල පුරනවා වගේ...

"නිකන් මිනිහා මගේ ලයිෆ් එකට කොඩිවිනයක් වගේ වෙලා ඉඳලද කොහෙද නේ.."

"හරියටම හරි... අනික මොන මෝඩයෙක්ද නේ.. ඔයා වගේ කෙල්ලෙක් ඉඳිද්දි ඔයාට ම චීට් කරන්න..."

"කොහොම හරි ඒක ඒ මෝඩයගේ අවාසනාව.. හා නැද්ද... "

යේලිගේ යාලුවෝ වගේම ආත්‍රා ජුවලර්ස් එකේ යේලිගෙන් ඉගෙන ගන්න එන කිහිපදෙනා ඒ කතාවලට හිනාවෙවී කෑමවලට වගේම අඩුවක් නැතුම බීමවලටත් සාධාරණයක් ඉශ්ට කළා.. හැබැයි ඔය මේසේ වාඩිවෙලා හිටපු එක්කෙනෙක් නම් බොරුවටවත් හිනාවෙන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි හිටියේ.. අතට හිරවෙලා තිබුනු ශැම්පේන් ග්ලාස් එකේ නෙක් එක බොහොම තදින් අල්ලගෙන රුහානා හිටියේ තමන්ගේ කේන්තියත් ඊර්ෂ්‍යාවත් මිශ්‍ර වුණු හැඟීම් පාලනය කරගන්න අසාර්ථක උත්සාහයක් ගන්න ගමන්..

Strike 2.0Where stories live. Discover now