7

131 22 28
                                    


යේලි පෙරදින රාත්‍රියේ තමාගේ වට්ස්ඇප් ගිණුමට එවා තිබූ පණිවිඩය කියවා කලබල වුණු තිලීෂා, මුළු රැයම ඇයව සොයා ගැනීම වෙනුවෙන් මිඩංගු කොට අවසානයේ ඇය සතුව වූ යේලිගේ නිවහනේ අමතර යතුරෙන් යේලිගේ නිවසට ඇතුලු වෙලා ඇය නැවත නිවසට පැමිණෙන තෙක් එහි රැඳෙන්නට තීරණය කළා. උදෑසනම යේලිගෙන් ලැබුණු ඇමතුමක් නිසා තිලීෂා ඇය එවලා තිබුණු ලොකේශන් එකට නොඉවසිලිමත්ව ගියේ මොකක් නමුත් ලොකු දෙයක් යේලිට සිද්ධ වෙලා තියෙන බවට අනුමාන කරලා.. සිදුවුණු දේවල් කෙටියෙන් තිලීෂට පැහැදිලි කරපු යේලි පසුව මුළු කතාව ම සවිස්තරාත්මකව පැහැදිලි කරදීමේ පොරොන්දුව පිට තිලීෂගේ ප්‍රශ්නවලින් මදකට විරාමයක් අරගෙන අම්මගේ අවසාන කටයුතු සදහා සහභාගි වෙන්න කඩිමුඩියේ සූදානම් වුණා...

යේලිගේ වැඩිමහල් සහෝදරිය එදින උදෑසන එකොළහට පමණ අවසාන මවගේ අවසාන කටයුතු සිදුකිරීමට යොදාගත් බව යේලිට තිලීෂා පැවසුවේ දේහය අවසාන ගෞරව දැක්වීම පිණිස තියලා තිබුණු අවමංගල්‍ය ශාලාවට යන අතරමගදි. ඒ වගේම තිලීෂා වැඩිදුරටත් යේලිටත් උපදෙස් දුන්නේ පුළුවන්නම් අම්මව බලන්න සෙමෙට්‍රි එකට ම යන්න කියලා. මොකද යේලිගේ සහෝදරිය හිටපු තත්ත්වය සහ ඇය යේලි ගැන දරන අදහස ගැන තිලීෂට ඒ හැටි හොඳ පැහැදීමක් තිබුණේ නෑ.. කවදත් තව කෙනෙක් කියන දෙයක් අහන්න වෙලාවක් වෙන් නොකරපු යේලි තිලීෂගේ වචන තඹයකට හෝ මායිම් නොකර අවමංගල්‍ය ශාලාව වෙතට රථය රැගෙන ගියේ වේග මාපකයේ කටු සාමාන්‍ය අගයට වඩා ඒකක ගණනකින් ම ඉහළට උත්ක්‍රමණය වෙද්දියි.. 

අවමංගල්‍ය ශාලාවෙදි යේලිට මුහුණදෙන්න සිද්ධ වුණේ ඒ තරම් ප්‍රසන්න සිදුවීම් මාලාවකට නම් නෙමෙයි. යේලිව දුටුව පමණින් අක්‍රියව තිබුණු ගිනි කන්දක් ලාවා වගුරවමින් සක්‍රිය වෙලා යනවා වගේ යේලිගෙ සහෝදරිය තරහෙන් වෙව්ලන්න ගත්තා.. මවගේ නිසල දේහ දෙස කඳුළු පටලයකින් වැහිලා ගියපු බොඳවුණු ඇස්වලින් බලාගෙන හිටපු යේලිගේ ඇස්වල පිරුණු කඳුළු එකපාරටම අනවසරයෙන් ගැස්සිලා එළියට ගිහින් ඇයගෙම කම්මුල් මත පතිත වුණු යේලිගේ සහෝදරියගෙන් දෙවැනි වතාවටත් ඇයට ලැබුණු අතුල් පහර නිසා.. දන්නා අඳුනනා නෑදෑයින් සහ හිත මිත්‍රයන් ඉදිරියේ තමන්ගෙම සහෝදරිය එල්ල කරපු අසභ්‍ය වදන් බොහොමයකින් යේලිගේ කන් පිරිලා ගියා.. වේදනාවෙන් පුපුරු ගහන කම්මුල අතින් තද කරගන්නවත් යේලිට අවශ්‍ය වුණේ නෑ.. ජීවිතේ හැමදේම දවසක් දෙකක් ඇතුළත අහිමි වුණු කෙනෙක් විදියට යේලි එක දිගට තමන්ගේ මවගේ දේහය දිහා බලාගෙන හිටියේ පැත්තකින් හිටපු ඇයගේ සොයුරියගේ තර්ජනාත්මක අපහාසාත්මක බැනුම් ගෙරවුම් තව තවත් උග්‍ර වෙද්දියි.. 

Chegaste ao fim dos capítulos publicados.

⏰ Última atualização: Apr 29 ⏰

Adiciona esta história à tua Biblioteca para receberes notificações de novos capítulos!

Strike 2.0Onde as histórias ganham vida. Descobre agora