6

146 23 29
                                    


"This whole world is fucking with me..shit.."

පස් වෙනි tequila වීදුරුවත් හිස් කරලා දාපු යේලි බාර් කවුන්ටර් එකට ඔලුව ගහගෙන ම හයියෙන් කෑගැහුවත් ඒ හඬට කන් දෙන්න තරම් හොඳ සිහියක ඉඳපු කෙනෙක් යේලිගේ අහල පහල හිටියේ නෑ.. සෑහෙන කාලෙකට පස්සේ අගනුවර එක්තරා සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාවකට ගොඩ වුණු යේලි මේ වෙද්දි හිටියේ අඩක් විතර මත් වෙලා.. යේලිගේ ඇල්කොහොල් ටොලරන්ස් එක තරමක් හොඳ මට්ටමක පැවතුණු හින්දා යේලිට වොලන්ස් ටෙකීලා වීදුරු කීපයක්ම බොහොම පහසුවෙන් හිස් කරන්න පුළුවන් වුණා..

හිතේ හිරවෙලා තියෙන දුක තරහා කලකිරීම වගේ හැම හැඟීමක් ම කඳුළුවලට පරිවර්තනය නොකර ඉන්න දැඩි උත්සාහයක් ගනිමින් හිටපු හින්දා යේලි දිගින් දිගටම වීදුරු හිස් කරන්න ගත්තේ අවසිහියෙන් වගේ...

බාර් කවුන්ටර් එක වටේ සෙට් කරලා තියෙන දම් කොළ රතු නියෝන් එළිවලින් යේලිගේ මුහුණේ එක එක පැති එක එක පාටවලින් වර්ණ ගැන්වෙද්දි... පසුබිමෙන් ඇහෙන කන් බිහිරි කරවන ඩීජේ සංගීතය ගැන හෝ.. සමාජ ශාලාවේ විනෝද වෙමින් සිටි අනෙක් පිරිස් තම තමන්ගේ මත්පැන් වීදුරු එකිනෙක හප්පා ගනිමින් නගන ඝෝෂාවන් ගැන යේලිට නිනව්වක් තිබුණේ නෑ... ඇය දිගින් දිගටම තමා මිලදී ගත් වොලන්ස් ටෙකීලා බෝතලය හිස් කරන්නට වුණා..

"I hate you bitch........!!! Did you try to take your life... huh well.. that's gooooood..cuz if you didn't do that..... i would... I would definetly do it.. definitely.... I KILL..... you....yeah... ofc I'll tear you into pieces... bitch...."

යේලි එහෙම කිය කිය කෑගහන්න ගත්තේ හිස් වුණු ටෙකීලා වීදුරුවට දබරඇඟිල්ල දික් කරගෙන තවත් වෙලාවක ග්ලාස් එකේ නෙක් එක තද කරලා අල්ලගෙන වීදුරුවට නහය තද කරගෙන...

"And.... babe... ash you dickhead.. how dare you to cheat me with that bitch aah... am I a joke.... you mother fucker..!! You bastard.... Bloody asshole... I'm gonna....gonna aashhh fuck.... i still fucking love you....Huh I'm such a dog poop... Damn it.....!!!"

බාර් කවුන්ටර් එකට අත් දෙකම මිට මොළවලා ගහගෙන ගහගෙන යන ගමන් එහෙම කියපු යේලි එක අතකින් කොණ්ඩෙත් අවුල් කරගන්න ගමන් කවුන්ටර් ටේබල් එකෙන් ඔලුව ගහගත්තේ කොණ්ඩෙත් සම්පූර්ණෙන්ම වගේ මූණට වැටිලා තියෙද්දි.... වීදුරු දහයකට වඩා.. ඒ කියන්නේ ටෙකීලා බොට්ල් එකෙන් ආසන්නව හතරෙන් තුනක්ම වගේ හිස් කරලා ඉඳපු යේලි මේ වෙද්දිත් හිටියේ හොඳටම මත් වෙලා.. මොකද කලින් කිව්වා වගේම යේලිට හොඳ ඇල්කොහොල් දරාගැනීමේ ධාරිතාවයක් තිබුණත් මේ වෙද්දි ඇය ඒ සීමාව ඉක්මවලා ගිහින් තිබුණා.. බිස්නස් පාටීස් වලදි සහ යාළුවොන්ගේ එක එක පාටීස්වලදි ශොට්ස් දෙකක් විතර අරගෙන බොහොම පරිස්සමට අදාළ අවස්ථාවෙන් ලිස්සලා යන්න පුරුදු වෙලා හිටපු යේලි සෑහෙන කාලෙකට පස්සේ ලොකු මත්පැන් ප්‍රමාණයක් ඇඟට එකතු කරගෙන තිබුණා.. යේලිගේ සිරුර ළඟකදි ඒ වගේ ප්‍රමාණයක් දරාගන්න පුරුදු වෙලා නොහිටපු නිසා ඇය මේ වෙද්දි හිටියේ අවසියෙන් කිව්වොත් වඩාත් නිවැරදියි...

Strike 2.0Where stories live. Discover now