2.

99 15 16
                                    


උදෑසන හමුව ඉවර වුණු ගමන්ම ප්‍රධාන් නැශනල් ඇඳුමෙන් සාමාන්‍ය ඇඳුමකට මාරු වෙලා කාමරේ ඇතුළේ වේගෙන් වේගෙන් ඒ අතට මේ අතට ඇවිදින්න ගත්තේ ෆෝන් ස්ක්‍රීන් එකේ වැටිලා තිබුණු කෝල් අයිඩී එක දිහා බලාගෙන.. තුන්වෙනි පාරටත් ඇමතුම එහෙමම අහෝසි වෙලා ගියාම ප්‍රධාන් ඇඳට වැටුණේ ෆෝන් එක එක අතකින් තද කරගන්න ගමන්.. වින්ටේජ් තීම් එකට යන විදියට සරසලා තිබුණු කිරුළ හිමි කුමාරයගේ මන්දිරයක් තරම් විශාල නිදන කාමරයේ සිවිලිමේ තමන් වෙනදට නොදකින අමුතු හිස්කමක් තියෙනවදෝ කියලා ප්‍රධාන්ට නිකමට හිතුනා.. දිලිසෙන වීදුරු කැටයමින් හැඩවුණු කාමරයේ හරි මැදට වන්නට සිවිලිමට සවි කර තිබුණු විදුලි පහනට ප්‍රධාන්ට අද දැනුනු අමුතු හිස් බව නැති කරන්න බැරි වෙලා ගිහින් තිබුණා..

බර හුස්මක් පහළට දාපු ෆෝන් එක තද කරන් ඉඳපු අත මූණ ඉස්සරහට අරගෙන ආවේ ෆෝන් එක ඇස් මට්ටමට අරගන්න අවශ්‍ය වුණු හින්දා.. හතරවෙනි පාරටත් පෙර ඇමතුම ම ගන්න හිතාගෙන ස්ක්‍රීන් එකේ එහෙට මෙහෙට ඇඟිලි යවන්න සූදානම් වුණු ගමන්ම එකපාරටම ෆෝන් එක වයිබ්‍රේට් වුණේ ප්‍රධාන්ගේ මූණට අමුතුම උද්‍යෝගයක් එකතු කරන ගමන්.. ෆෝන් එක දිහා බලාගෙනම එහෙමම ඇඳෙන් එරමිණිය ගොතාගෙන වාඩි වුණු ප්‍රධාන් කෝල් එක ආන්සර් කරන්න කලින් පොඩ්ඩක් උගුර පෑදුවා...

"හෙලෝ කතා කරන්න පුළුවන්ද ටිකක්.."

"රාජකුමාරයෙක් මගෙන් ඔහොම අහන්න ඕනද... අනික මන් ඉපදුණු දවසේ ඉඳන්ම කතා කරනවනේ.. කතා කරන්න පුළුවන්.. ගොලු නෑ..."

"යේලි... මාව මීට් වෙන්න එන්න පුළුවන්ද..."

"කොහෙටද..."

"ලයිබ්‍රි එකට.. "

"අද ම එන්න ඕනද මන් බිසී.."

"පුළුවන්නම් හොඳයි.."

"එහෙනම් දැන් එන්න.. මන් ලයිබ්‍රි එක පාස් කරන් ගියා දැන්... මන් ආයේ හරවන් එන්නම් ඔයා එන්න.."

"ආහ් ඕකේ තෑන්..."

ප්‍රධාන්ට ඒ වාක්‍ය සම්පූර්ණ කරන්නවත් නොදීපු යේලි කෝල් එක කට් කළා.. ප්‍රධාන් ෆෝන් එක ආයෙම ඇස් ඉස්සරහට අරගෙන බැලුවේ ප්‍රතික්ෂේපවීමක් බලාපොරොත්තුවෙන් හරි එකපාරක්වත් උත්සාහ කරලා බලන්න ඕන කියන එක හිතට තදින්ම කාවද්දාගන්න ගමන්.. පරක්කු වෙන එක එච්චර හොඳ නැති නිසා.. සැහැල්ලු මින්ට් පාට පෝලෝ ශර්ට් එකකින් වගේම සුදු පාට චීනෝ පෑන්ට් එකක් ඇඳගනිපු ප්‍රධාන් කලබලෙන් කොණ්ඩෙත් අතෙන්ම එහෙට මෙහෙට කරගෙන ඩ්‍රසින් ටේබල් එකේ තිබුණු ඩ්‍රෝවර් එකක් ඇරලා ඉක්මනින්ම ඒකෙන් පොඩි පෙට්ටියක් අරගෙන සාක්කුවට දාගන්න ගමන් එළියට ගියේ ආරක්ෂකයන්ට තමන්ගේ පස්සෙන් එන්න එපා කියලා අණ කරන ගමන්..

Strike 2.0Where stories live. Discover now