4.

157 27 15
                                    

"මෑම්... මෑම්... ලොකු ප්‍රශ්නයක්.."

ඊයේ රෑ සිද්ද වුණු දේවල් එක්ක යේලි පහුවෙනිදා වැඩට එද්දි ටිකක් පරක්කු වෙලා තිබුණා.. දූවිලිවලින් දුර්වර්ණ වෙලා තියෙන යේලිගේ කාර් එක පුරුදු විදියටම යාන්ත්‍රිකව වගේ පාකින් එකේ නවත්තලා බොරු හිනාවක් මූණට නගාගෙන ආත්‍රා ජුවලට්ස් බිල්ඩින් එක ඇතුළට යන්න ගියපු යේලි එහෙමම නැවතුණේ තමන්ගේ සහායිකාව කලබල වෙලා දුවගෙන ආපු විදියට..

"මෑම් මන් කෝල්ස් ගොඩක් ගත්තා.. මෑම් ආන්සර් කළේ නැනේ..."

ටිකක් නිදහස් වෙන්න ඕන හින්දා ෆෝන් එක ඕෆ් කරලා තිබුනු බවත් තවමත් ඒ ෆෝන් එක ඔන් නොකරපු බවත් යේලිට මතක් වුනේ ඒ වෙලාවේ..

"ඇයි අවුලක්ද..."

"ඔව් මෑම් ලොකු අවුලක්.."

සහායිකාව බොහොම කලබලෙන් යේලිව කාර්‍යාලයේ ඇතුළට එක්කගෙන යද්දි යේලිගේ යටතෙ වැඩකරන අනික් අයත් යේලි දිහා බලාගෙන හිටියේ බොහොම අසරණව.. වෙලා තියෙන දේ හරියට පැහැදිලි නැති නිසා යේලි තමන්ගේ සහායිකාව යමක් කියනකන්ම නිශ්ශබ්දව ඉන්න තීරණය කළා..

"මෑම්.. අපෙ ෆ්ලෝරල් කලෙක්ශන් එක.. අර බෙස්වර්ල්ඩ් එකට අපි ඩ්‍රාෆ්ට්ස් යැව්වේ... අන්න ඒ කලෙක්ශන් එක අද උදේ වෙන ජුවලරි කම්පනි එකකින් රිලීස් කරලා මෑම්.. අපේ ඩිසයින්මයි.. "

"වට්......!!"

"යස් මෑම්.. මේ බලන්න.."

යේලිගේ සහායිකාව එහෙම කියලා එක්තරා මැණික් හා ස්වර්ණාභරණ සමාගම වෙබ් පිටුවක් විවෘත කරලා යේලිට පේන විදියට ඩෙස්ක්ටොප් එක ගාවින් ඈති වුණා...

"වට් ද හෙල්...!!! මේ මගේ ඩිසයින්ස්...."

"අනික මෑම්.. මෑම් ඒ බ්‍රෑන්ඩ් එකේ අයගේ ඩිසයින්ස් plagiarize කළා කියලා.. තමයි දැන් නිව්ස් එක යන්නේ... අනික මෑම්.. බෙස්ල්වර්ල්ඩ් ෆෙයා ඕගනයිසර්ස්ලා.. අපිව රිජෙක්ට් කළා... උදේ මේල් එකක් ආවා.."

"එයාලා රිජෙක්ට් කළා අපිව...!!"

යේලි පුදුමෙන් එහෙම ඇහුවාම සහායිකාවට පුළුවන් උනේ ඔලුව ඉහළ පහළ කරන්න විතරයි.. බෙස්ල්වර්ල්ඩ් ෆෙයා එක වෙනුවෙන්ම ගිය අවුරුද්දෙ යේලි එයාගේ අලුත් ෆ්ලෝරල් ජුවලරි කලෙක්ශන් එකේ ඩ්‍රාෆ්ට්ස් ඇඳලා ඉවර කරලා තිබුණේ ඒ සිලෙක්ශන් එක ළං වුණාම ජුවලරි හදන එක පටන් ගන්නවා කියලා හිතාගෙන.. මේ වෙද්දි යේලි ඒ කලෙක්ශන් එකට අදාළ රින්ග් එකක් සහ ඉයරින්ග්ස් පෙයා එකක් සම්පූර්ණයෙන්ම වැඩ නිම කරලා තිබුණත් අදාළ ස්වර්ණාභරන සමාගම යේලිගේ මුළු කලෙක්ශන් එකටම අදාළ ජුවලරීස් වෙලඳ පොළට නිකුත් කරලා තිබුණා.. ඒ එක ආභරණයකටවත් ඉලක්කන් හයකට හතකට වඩා අඩු වටිනාකමක් තිබුනෙම නෑ..

Strike 2.0Where stories live. Discover now