02

53 9 4
                                    

"එයා මේ දවස්වල ප්‍රශ්න වගේක ඉන්නෙ මියුරු...ගණං ගන්නෙපා..."

"ආහ් මං ඒ මිස් අඬනවා දැක්කා...අහන්නත් බෑනෙ එහෙම..."

"ම්ම්.."

සර්ගෙ කොෆි එක එහෙම තියලා මං මගෙ ටේබල් එකට ආවා...බළල් ඇස් අයිතිකාරි ප්‍රශ්නෙකලු.. ඒකලු ඇඬුවෙ...අනේ මන්දා ඉතිං..ඊට පස්සෙ කෙල්ලව දැක්කෙත් නෑ මං...
______________________________________

"මියුරූ ගෙදර මගේ ඔෆිස් රූම් එකේ ෆයිල් වගයක් ඇති,ඒ ටිකත් අරං සල්ලි තියලා ඇති,ඒකත් අරං එන්න එන ගමං..."

මං සර් කිව්ව එකට හා කියාගෙනම කොණ්ඩෙ එකතු කරලා බෑන්ඩ් එකක් දාන් හෙල්මට් එක දාගෙන බයික් එක ස්ටාට් කරා...

සර්ලගෙ ගෙදර ගාව නවත්තද්දි අටයි තිස් පහයි..මට මොකො සර්ගෙම වැඩක්නෙ,ප්‍රමාදයට වගකියනු නොලැබේ...මං හෙල්මට් එක පිටිම්ම ඉස්සරහ දොරෙන් ඇතුලට ගියා..

සාලෙ කොනක සර් ගෙ පොඩි පහේ කොපිය එක්ක කියව කියව ඉන්න බළල් ඇස් අයිතිකාරිව දැක්කම මට එතනම බ්‍රේක් වැදුනා....තුන්කාලෙ කලිසමකට පත ටී සර්ට් එකක් ඇදලා,කොණ්ඩෙ බෙල්ල ගාවින් බන් එකක් දාලා...අවුල් වෙලත් එක්ක...ඒ වුණාට ඒකත් ලස්සනයි මේ කෙල්ලට...

"ආ මියුලූ...කෝ මත තොපි...?"

තාම එක වසරෙ ඉන්න පොඩි ඇටයා මං ගාවට දුවන් එද්දි ,මං එන ගමන් ඒකට ගෙනාව ලොලිපොප් එක දීලා ඒකව එහෙමම හැරෙව්වා ගේ පැත්තට...මට ඔය හුරතල් කිරිලි කරන්න අමාරුයි...

"මිස්,සර් කිව්වා ෆයිල් වගයක් ඇති ගන්න කියලා...තව සල්ලිත් තියලා ඇති කිව්වා..."

"ෆයිල් ටික ගන්න මියූ,සල්ලි මං ගෙනත් දෙන්නං..."

වාහ්...මෙච්චර ඉක්මනට මට එයා නමකුත් දාගෙන...මරු හැබැයි...කෙල්ල උඩට දුවන් යද්දි මං ඔෆිස් රූම් එකට වැදුනා...ෆයිල් දෙකක් තිබ්බා..ඒකත් අරං බෑග් එකේ ඔබං කෙල්ල ගෙනත් දීපු සල්ලිත් පර්ස් එකට දාං මං එළියට ආවා...එයාත් මගෙ පස්සෙන් වැරැන්ඩා එක ගාවට ආවා...මං බයික් එකට නැගලා ආයෙ ගේ දිහා බැලුවා...

(පොඩ් ඇටයා ඇතුලෙ ලොලි පොප් කන නිසා හොඳයි..නැත්තං ඕකා ඇවිත් , මියුලූ වඩා ගන්න,මියුලු යන්නෙපා,මියුලු තා තොපියක්,මියුලූ මියුලූ මියුලූ...මං මියුලූ නෙවෙ උට්ට...)

හසංගනා (Still Ongoing)Dove le storie prendono vita. Scoprilo ora