03

56 11 4
                                    

"ආ මියුරු, මේ මෙහෙ එන්න ඩාලිං...."

එච් ආර්  එකේ වැඩ කරන සුමූදුනී අක්කගෙ ලතාවට වැනෙන කටහඬ...මුලු බිල්ඩින් එකේම උදවිය අද මෙහෙට වැඩම කරලා...සුමුදුනී අක්කා මට හෙන ලව් එකේ ඉන්නෙ...වෙලාවකට එපා වෙනවා...ඒ වුණාට තරහ කරං බෑනෙ..කවුරු කවුරුත් අතේ දුරින් තියන්,තැනේ හැටියට ඇනේ ගහනවා...

"මොකො වෙන්නෙ සුමුදු අක්කෙ..?"

"මේ පාර ට්‍රිප් එකක් යනෝලුනෙ සුද්දහ්.."

"හම්මට සිරාද සොනා...?"

මං සොනාල්ගෙ පිටට තඩිබාගෙනම පුටු ඇන්දක් උඩින් වාඩි වුනා....

" හැබැයි ඉතිං මේ පාරත් ඕගනයිසින් නං උඹටම තමයි සුදාම්මි..."

හරි මගුලක් වුනානෙ යකෝ මේක..

"හරි හරි තව මාසයක්ම තියෙනෙ... කට්ටියම එකතු වෙලා වැඩේ කරමු..."

"ම්ම් යමං..මේ සර්ව හම්බෙලා ඉඳිං....උඹව හෙව්වා මියූ..."

අසේකා කියාගෙනම නැගිටලා යද්දි මං සර්ගෙ රූම් එක පැත්තට ගියා..
_________________________________

"මියුරූ හෙට හවස අපේ ගෙදර පාටි එකක් පොඩියට ඇරේන්ජ් කරලා තියෙන්නෙ,හෙට ඔයත් එන්න,...අද හවස මගෙ ඔෆිස් රූම් එක පොඩ්ඩක් අස් කර ගන්න එන්න පුලුවන්නෙ....?වැඩි දෙයක් නෑ...ෆයිල් ටික පොඩ්ඩක් පිළිවෙලක් කරලා දෙන්නකො මට..ඒ ඇති.."

සර්ගෙ ගෙදර ගැන කියද්දි,මුලින්ම මතකෙට ආවෙ හසංගනා....හවස ඉඳීවිද දන් නෑ..

සර් කිව්වත් වගේ,මං වේලාසන ගෙදර ගිහින් වෙන ඇඳුමකට බැස්සා...ඩෙනිමයි,ටී එකයි...ලේසියි පාසුයි...හැමදාම ඔෆිස් මගුලෙ කලිසමයි,ටයිට් සායයි,බ්ලව්ස් කෑලියි හිර කරං ඉඳලා මෙහෙම ඇඳුමක් ඇන්දම එන්නෙ දිව්‍යලෝක ෆීලිං එකක්...ෆීලිං අ.....ව්සම් විත් තිස් තුන් කෝටියක් හෙවන් පීපල්.......

පහළ සෑහෙන්න කට්ටිය එකේක වැඩ..මං උඩ ඔෆිස් රූම් එකට ඇවිත් අස් කරන්න ගත්තා සර්ගෙන් අහන්...හැමදාම මේ ඔෆිස් රූම් එක අස් වෙන්නෙ මගෙ අත් වලිං නිසා මට වැඩේ හුරුයි...බැල්කනියෙ තිබ්බ ඔෆිස් ටේබල් එකෙන් බඩු ටික උස්සන් එද්දි මං  දැක්කා හසංගනා ඉන්නවා...එතනට පේන කාමරේක තව කෙල්ලො ටිකක් වට කරං කියව කියව ඉඳලා මං යද්දි මං දිහා හොරෙන් බලං ඉන්නවා...බැල්මටම පපුවත් එක්ක මොකද්ද වෙලා ගියා...

හසංගනා (Still Ongoing)Where stories live. Discover now