04

64 13 3
                                    

පිටිපස්සට හැරෙන්න ගිය මං වචන අමතක කරන් බලං හිටියා....වචනෙන් විස්තර කර ගන්න බැරි තරං හැඟීමක් හිත කොනක ගොඩ ගැහෙන්න ගද්දි මගෙ ඉස්සරහ කලු පාට බෝල අත් එක්ක ඉන ගාව ඉඳලා දණහිසට වෙනකන් පිම්බුන ගවුමක් ඇඳං මගෙ ඉස්සරහ උන්න හසංගනා ව දැකලා මට කතා කර ගන්නත් බැරි වුනා...දිග කොණ්ඩෙ පුරුදු විදියටම කොණ්ඩ කෑලි දෙකක් මූණ දෙපැත්තෙන් වැටෙන්න බෙල්ල ගාවින් බන් එකක් දාලා , චූටියට මේක් අප් එකක් දාලා උන්න එයාව මං තත්පරේට ස්කෑන් කරං ගියා...මාලයක් නැති කරයි චූටි කලුපාට බෝල කරාබු දෙකකින් පාලු මකපු සවන්පත් එක්ක හංස කෙල්ල හරි ලස්සනට උන්නා....

ලෝකෙම අමතක කරලා එයාගෙ දිහා බලං උන්න මාව මේ ලෝකෙට ගෙනාවෙ හීනි ගෝල්ඩ් කලර් බ්‍රේස්ලට් එකක් හැඩ කරාපු ඒ අත....මට ඕන වුණා එයාට හොඳ කම්ප්ලිමන්ට් එකක් දෙන්න...ඒත් වචන හොයා ගන්න බැරි වෙද්දි,හිතට පළවෙනියටම ආව වචන ටික ඉබේටම කියවුනා.....

"හසංගනා...?"

"...."

"ඔයාගෙ නම ඔයාට ගැළපෙන් නෑ...."

"ඇයි...?"

හසංගනාගෙ ඇස් බෝල වෙලා....එහෙමත් ලස්සනයි...

"ඊටත් වඩා ඔයා ලස්සනයිනෙ..."

හසංගනා වචන නැතුව හිර වෙලා බලං ඉද්දි ඒ කම්මුල් අදත් වත්සුණු පාට පරද්දගෙන රතු පාට ගා ගත්තා...
එයා බිම බලා ගත්තා.....නිහඬව ගෙවෙන තත්පර මොන තරං ලස්සනද....හසංගනා එක්ක නිහඬවම ගෙවිලා ගිය තත්පර ගාන අදටත් මතක් කරන්න කරන්න ලෝභ හිතෙනවා...

"ඔයා කාලද ඉන්නෙ මියූ...."

"ම්ම්...ඔව්නෙ...ඔ-"

"මේඝවී...."

කියන්න ගිය වචන සම්පුර්ණ කරන්න කලින් ඇහුණ කටහඬ එක්ක මං හසංගනාගෙ මූණ මගෑරලා ඔලුවට උඩින් පිටිපස්ස බලද්දි එතන හිටියෙ සුදු මං විතරම වගේ උස කොල්ලෙක්....ඒකා හසංගනාට කතා කරගෙනම අපි ඉන්න පැත්තට අඩි තියද්දි හසංගනා මගෙ පිටිපස්සට ඉබේම ඇදුනා...ඒ ඇස්වල බය,වේදනාව කඳුලු එක්ක එකතු වෙලා පටලයක් ව තැවරෙද්දි, මෙච්චර වෙලාවක් ලස්සනට පිපිලා තිබ්බ මූණ පරවෙලා ගියා....මට කේන්තියක් දැනුණා..ඒත් මං වෙනසක් නැතුවම ඒ කොල්ලා දිහා බලං හිටියා....

හසංගනා (Still Ongoing)Where stories live. Discover now