05

65 12 8
                                    

"දැන් එතකොට ඔක්කොම හරිද ..?"

"ආසන්න වශයෙන් ඔක්කොම හරි සර්....බුකින් එකේ ප්‍රශ්නෙ විතරයි තියෙන්නෙ....."

"ම්ම් බුකින් එක නේ, හරි මං එයාලට කතා කරන්නං...වෙන මුකුත් අවුලක් නෑ නේද...?"

"නෑ සර්....වාහනෙත් හරි...බ්‍රේක්ෆස්ට් එක මෙහෙන් හදන්න ඕඩර්ස් දීලා තියෙන්නෙ සර්.. ලන්ච් ගන්න රෙස්ටෝරන්ට් එකට ඕඩර් එක දීලා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කලා.."

"හරි...නිශාදිට එන්න කියාගෙන යන්න මියුරු...."

"ඕකේ සර්..."

මං  මගේ සීට් එකට ඇවිත්ම නිශාදි අක්කට කෝල් එකක් දැම්මා...තව දවස් තුනයි...අද අඟහරුවාදා...අපි ට්‍රිප් එක යන්නෙ සිකුරාදා....දවස් දෙකක් නුවරයි, නුවර එළියෙයි යන්නෙ....

එදා සර්ලගෙ ගෙදර ගියාට පස්සෙ සති දෙක ගියේ පුදුම ඉක්මණට....මාසයක් තියනවා කිව්වට,තුන් වෙනි සතියෙම ට්‍රිප් එක යන්න දා ගත්ත එකෙන් මට වැඩ වැඩි වුනා....ඔෆිස් එකේ අපේ සර්ගෙ යටතේ පනහක් වෙන්න වැඩ කරනවා... හැමෝම නැතත් යන්න එකඟ වුන තිස් පහ ඇරුණම සර්ලගෙ පවුලෙ අයටත් එක්ක හරි යන්න නවතින්න තැන්,කෑම බීම ගැන බලලා,ඒවට කතා කරලා,වැඩ ගොඩක් මගේ පිටට වැටුණා...

මට හසංගනාව හම්බුණේ සති අන්තෙ විතරයි...ඒකත් ක්ලාස් එක ගාවදි දැක්කා...කතා කරන්න වුනේත් නෑ,එයා නිතරම හිටියෙ එකකො යාලුවෙක් එක්ක,නැත්තං සර් හරි මිස් හරි එයා ලඟ හිටියා...

ට්‍රිප් එක ගිහින් ආවට පස්සෙවත් පොඩ්ඩක් ෆ්‍රී වුණොත් එයා එක්ක කතා කරලා එන්න පුලුවන් වෙයි....

"මියුරූ....වයි ඩාලිං මෙච්චර මූඩ් ගහලා...?"

අම්මෝ සුමුදුනී අක්කගෙ මූණ මගෙ මූණ ගාවටම කරලා බලපු පාර තව පොඩ්ඩෙන් මට පපුවෙ අමාරුවටත් එනවා...මේකප් ලෝකයයි....

"බය කරන්නෙපා හලෝ ඔහොම.."

"ඔහ් සොව්රි ඩාලිං...."

"ඇයි අක්කා මේ පැත්තෙ..මුකුත් උවමනාවකටද ආවෙ..?"

"උවමනාවට විතරද ඩාලිං එන්න හොඳ..."

ඒකි ඇස් කරකවලා අහද්දි මං මුකුත් නොකියා හිනා වුනා...මේකි මළ වාතයක් අප්පා වෙලාවකට..ට්‍රිප් එක ගිහිල්ලත් මේම වුණොත් දමලා ගහලා ගෙදර එනවා උට්ට....

හසංගනා (Still Ongoing)Where stories live. Discover now