07

51 17 12
                                    

ඇරුණු ජනේලෙන් ආව හුළඟ එක්ක දඟ කරාපු කොණ්ඩ ගස් මගෙ ඇහේ කටේ කනේ සේරගේම දුවද්දි මං අත දාලා හසංගනාට එහා පැත්තෙ ජනේලෙ වහලා දැම්මා....කොහොමත් දැං දැං සෑහෙන්න සීතලයි....එයාට මගෙ උරේ උඩ නින්ද ගිහින්....තව ටිකකින් හග්ගල පාක් එක ලඟ අපි නවතීවි....එතකන් එයාට මෙහෙම නිදා ගන්න දෙන්නයි මට ඕන වුණේ...

හසංගනාගෙ උර පටි ගවුමෙන් නිරාවරණය වෙච්ච අත් ගොබ වල මට පේන්නම හිරි ගඩු පිපෙද්දි සීතල එක්ක එයා මගෙ අත තව තව එයාට තුරුල් කරං ගුලි වුණා..මං එයා හේත්තු වෙලා උන්න මගෙ අත අරං ඒ උරේ වටේට යවලා තව ටිකක් ලඟට ගනිද්දි එයා හාවියක් වගේ මූණ හංගං ගුලි වුණා...

ලෝභයි එහෙම ගුලි වෙද්දි ඈත් කරන්න හිතෙන්නෙ නෑ....

"ඕයි බබා...මෙහෙ එනෝ පොඩ්ඩක්...."

මෙතනින් නැගිටින්නත් බැරි, නැගිටින්නැතුවත් බැරි නිසාම මං බබාට කතා කරා...ඔය පඩයා දැන් කටකැඩිච්ච කතා ගොඩක් කියන බව දැන දැන මං කරන්න දෙයක් නැති නිසා කතා කරා..

"මගෙ බෑග් එකෙන් ජර්සිය අරං දෙනොකො..."

පුදුමෙට වගේ බබා සද්ද නැතුව ඇවිත් මට ජර්සිය අරං දුන්නා..මං ඩයල් එක දිහා ඇස් හීනි කරලා හැරිලා බලද්දි කොල්ලා මට ඇස් වලින් සුමුදුනී අක්කාව පෙන්නලා අද උඹ ඉවරයි කියලා වගේ බැල්මක් දීලා ගියා....

ඒකි අහක බලං යනවා..ඒකෙ ඇති අවුලක් නැති නිසා මං ගණං නොගෙන ඉස්සරහට හැරුණා...

හග්ගල පාක් එක ලඟ බස් එක නවත්තද්දි යන්තමට ඇස් ඇරලා බලපු හසංගනා මගෙ ඇඟෙන් අයින් වුණා....මගෙ සූදු පාට ජර්සි එක එයා මට දෙන්න හැදුවත් මං ඒක එයාගෙ අතිම්ම තිව්වා...එයාට සීතලයි...

වැස්සත් එක්ක පාක් එක පුරාවටම ස්ප්‍රින්ග් සීසන් එක ඇවිල්ලා....මල් ලෝකයක් ඒක...මං බැලුවෙ මගෙ අතක එතිලා ඉන්න ඇවිදින මල් පැලේ දිහා....ඒ ඇස් බබලනවා....

එයාටත් ඕන වුණා අනිත් අයට වගේම ෆොටෝ ගහන්න..එයාගෙ ෆෝන් එක මේ වතාවෙ නං බස් එකෙන් බහිද්දි අරං ඇවිල්ලා තිබ්බා...ඊට පස්සෙ මට සිද්ධ වුනෙ එයාගෙ ෆොටෝ ග්රැපර් වෙන්න...

"සාවී, මෙහෙ එන්න පොඩ්ඩක්...."

සර් හසංගනාගෙ හුරතල් නම කියලා කතා කරෙ එයාට ෆැමලි ෆොටෝ එකකට ඉන්න කියන්න....එයා මට ඇස් වලින් ඉඟි කරන් දුවන් යද්දි මං නැවතුනා....බබා සොනාලා එක්ක ඇවිදන් යනවා ඉස්සරහින්..දැන් මං තනියම....හසංගනාත් දිලිසෙන ඇස් එක්ක ෆොටො එකකට මූණ දෙද්දි, මං ආපස්සට හැරුණා....

You've reached the end of published parts.

⏰ Last updated: May 26 ⏰

Add this story to your Library to get notified about new parts!

හසංගනා (Still Ongoing)Where stories live. Discover now