CHAPTER 3 🌱

208 30 32
                                    

" නිසල්.. මල්කිව බලන්න යන්ද "

" හරි හසී අපි යන්.. "

හත් දවසේ දානේ පන්සලට ගිහින් දීලා ඒ වැඩ ටික ඉවර කරලා එන ගමන් හසී ඇහුවා මල්කිව බලන්න යන්ද කියලා.. මමත් හා කියලා එයාව එක්කන් ආවා මල්කිව බලන්න..
හසී ආපු ගමන් තාම අලුත් පස් කන්ද එක්ක පරවෙච්ච මල් තියෙන මල්කිගේ අලුත් නවාතැන ලග දනගහ ගත්තා..

" මල්.. මගේ මැනික.. ඔය හොඳින් ඉන්නවා නේද? මගේ මැනික මම ඔයා වෙනුවෙන් දානේ දිලා මේ එන ගමන් මැනික.. ඔයාට සැනසීම හොයන් යන්න පුලුවන් මැනික දැන්.. මම ඔයා වෙනුවෙන් අපි දැකපු හීන වලට යන්නම් මැනික.. ඔයා කැමති ඒකට නේද ? ම්ම්ම්... මට ගොඩාක් පාලුයි මැනික.. කෝල් අරන් රෑට වද දෙන ඔයා නැතුව මට හරි පාලුයි.. ෆෝන් එක දිහා බලන් හිටියත් පැය ගනන් ඇයි මැනික මට දැන් ඒ මැසේජ් කෝල්ස් එන්නේ නැත්තේ.. මල් ඔයා නැති ඒ අඩුව පුරවගන්න හැටි කියලම යන්න තිබ්බා මැනික ඔයාට.. "

හසී පිස්සෙක්වගේ හිතට එන හැමදේම කියවන් ගියා.. ඒ මොනවද කියලාවත් මට තේරුනේ නෑ අඩ අඩ මොනවදෝ කියෙව්වා.. මට පුලුවන් වුනේ එයාගේ පිටිපස්සෙන් හිටන් එයා දිහා බලන් ඔන්න විතරයි..

ඒත් එක්කම කවුරුහරි මගේ පිටිපස්සෙන් මගේ ටී ශර්ට් එක අදිනවා දැනිලා මම පිටිපස්ස හැරුණා.. කවුරුත් නෑ.. මගේ ඇග සීතල වෙලා ගියා..

' නිසල්... '

කවුරුහරි මගේ කනට කෙදිරුවා.. ඔව් මට 1000%ක් විශ්වාසයි මේ මගේ හිත බය වෙලා එහෙම දෙයක් නෙවෙයි.. මට ඒක ඇහුනා..

' නිසල්... මේ මම මල්... '

ඔව් ඒ එයා.. මට දැනුනා වගේම ඒ එයා.. එයා තාම මෙතන.. ඔව් අදනේ හත් දවස එයා අනිවාරෙන් මෙතන ඉන්න ඕනිනේ.. මට ආපස්සට මල්කී කියලා කතා කරන්න බෑ හසී මගේ ඉස්සරහ නිසා.. ඒ කොල්ලා තවත් විකාර වෙයි මේක කිව්වොත්.. සොහොනේ ගෙයක් හදයි මල්කි ඉන්නවා කියලා.. ඒතරම් මිනිහා හසී කියන්නේ...

' නිසල්.. ඔයාට මාව ඇහෙනවා කියලා මම දන්නවා.. නිසල්.. හසීව බලාගන්න.. මම ඔයාලා දීපු පිනුත් අරන් යන්න ඕනි.. මම දන්නවා ඔයා එයාට ආදරෙයි කියලා.. මම ඒක දැනන් හිටියා නිසල්.. මම දන්නවා නොකිව්වත් ඔයා එයාව බලාගන්නවා කියලා.. ඒත් මගේ හසී එයාව තනි කරන්න එපා නිසල්.. මන් වගේ එයාව දාලා යන්න එපා.. මම යනවා නිසල්.. මගේ හසී ඔයාට බාරයි.. '

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now