CHAPTER 13 🌱

228 30 17
                                    

Hasi's pov

මගේ මැනික ලෙබර් රූම් එකට ගත්තත් හරි මගේ මුලු ඇගම වෙව්ලන්න ගත්තා.. ලේබර් රූම් එකට ගත්තු වෙලෙව් ඉදන් අම්මයි අප්පච්චියිත් අඩන්න ගද්දි සසින් හිටියෙත් ගොඩක් ලොකු කල්පනාවක.. මගේ මැනික යන්න කලින් කියපු වචනත් මගේ හිතට කියාගන්න බැරි තරම් වද දෙද්දි ' අනේ මගේ පැටව් දෙන්නම රැකල දෙන්න දෙවියනේ ' කියනවා ඇරෙන්න දෙයක් මට ඉතුරු වුනේ නෑ..

එකපාරටම ලේබර් රූම් එකේ දොර ඇරන් නර්ස් කෙනෙක් දිව්වේ මුලු ඇගේම ලේ තවරගෙන..

" අනේ සසින්.. ඇයි බන් අර.. මගේ කොල්ලා නේද බන් ඇතුලේ ඉන්නේ ඇයි බන් අව්හ්චර ලේ.. "

" ශෙහාන් කලබල වෙන්න එපා.. යකෝ ලමයි හම්බෙද්දි ඔහොම තමා.. "

" අනේ බන් මට පැටියෙක් පස්සේ කාලක හදාගන්න හරි පුලුවන් මගේ මැනිකව පරිස්සම් කරලා දෙන්න කියන්නකෝ සසින්.. "

" අනේ ශෙහාන් අඩන්න එපා බන්.. බය වෙන්න එපා දෙන්නම හොදින් ඇති බය වෙන්න එපා.. "

ඒත් එක්කම ලේබර් රූම් එකෙන් එලියට දුවගෙන ගියපු නර්ස් මොනවදෝ පෙට්ටියක් වගේ එකක් උස්සන් ඇතුලට ගියා.. බැලූ බැල්මට පොඩි අයිස් බොක්ස් එකක් වගේ වෙද්දි මට තවත් බය හිතුනා.. පාලනයක් නැති කදුලු ඔහේ ගලන් යද්දි මට මගේ මැනික එක්ක සතුටින් ඉන්න බැරි වුනා කියන දේ මගෙ හිතට වද දුන්නා..

වෙන්න පුලුවන් නරකම දේ මගේ හිතේ මැවෙද්දි මට ආපහු වතාවක් මේ ලෝකේ තනි වෙන්න වෙයිදෝ බය මාව වෙලාගත්තා.. අවුරුදු 10ක් ආදරෙන් බලාගත්තු කෙල්ල මාව දාලා යද්දි මට එච්චර පසුතැවීම් ඉතුරු වුනානම් අවුරුදු 10ක් මට ආදරේ කරලා මගේ ලේ වලට පන දුන්න ඒ කොල්ලා මට නැති වුනොත් සත්තයි මට වෙන්නෙත් මගේ ජීවිතේ නැති කරගන්න.. ඒතරම් මගේ හදවතේ නිසල් වෙනුවෙන් ලොකු වරදකාරී හැගීමක් ඉතුරු වුනා.. යාලුවෙක් විදිහටවත් ආදර වන්තයෙක් විදිහටවත් මට මගේ යුතුකම් එයා වෙනුවෙන් කරගන්න බැරි වුන තැන මම වගේ කාලකන්නියෙක් අප්පච්චි කෙනෙකුත් වෙන්න යද්දි සතුටට එක්කම මගේ හිතේ තිබ්බේ මන් ගැනම කේන්තියක්..

එදා මට පිරිමි රස පෙන්නපු එයා උදේ මන් ලග බය වුනේ ඇයි කියන එක අද මට තේරුනා.. දරු ගැබක් පිහිටන්න පුලුවන් ඒ විශ්මය එයා උරුම දරන් හිටපු නිසයි මට අවුරුදු 10ක් ආදරේ කරලත් රැයකට හරි මගේ වෙච්ච සතුට එයාට ලැබුනේ නැත්තේ.. ඒක හරියට කෙල්ලෙක්ගේ පතිවත බිදුනත් එක්ක එන බයක් වගේ.. ඔව් එයාගේ පතිවතත් එදා මගේ අතින් කැඩුන එකේ බයයි එදා මට එයා පෙන්නුවේ.. මගේ ධාතු එයාට ඵල දෙන්න තරම් සරු වෙලා මගේ ලේ වලට එයා පන දෙන්න ඉදලත් එක බත් කටක් කවන්න මම වාසනාවන්ත වෙලා නෑ.. අප්පච්චි කෙනෙක් වෙන්න හීන දැක්කා කිව්වේ දරුවෙක් අතට ගන්න එකට නෙවෙයි මන්.. මගේ ලේ වලට පන දෙන කෙනාව මගේ පැටියා එක්කම පරිස්සම් කරන එකටයි මම අප්පච්චි කෙනෙක් වෙනවා කිව්වෙ.. තුන් මාසයක් යනකන් පිට කරන වමනේ ඇදලා දොලදුකට ඉල්ලන හැමදේම ගෙනත් දීලා ආදරේ උපරිමෙන් දීලා පැටව් දෙන්නම පරිස්සම් කරන එකයි ' මගේ අප්පච්චි කෙනෙක් වෙන්න හීන දකිනවා ' කියපු එකේ අදහස් වුනේ.. ඒත් අද දරුවෙක් ඉන්න බවවත් නොදැන කාලෙකින් හමු නොවිච්ච යාලුවාව බලන්න ගෙනාපු ස්ට්‍රෝබෙරි ගෙඩි ටික මගේ මැනිකගේ දොලදුක වෙද්දි මම මේ පපුවේ තියන් ඉන්න බර මේ ලෝකේ කිසිම අප්පච්චි කෙනෙක් විදලා නැතුව ඇති..

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now