CHAPTER 10 🌱

223 31 22
                                    

" පුතා.. "

" අම්මා මන් දිහා ඔහොම බලන්න එපා.. මට බෑ.. මට බෑ මගේ පැටියව නැති කරන්න.. "

" මගේ වස්තුව.. ඔයාට අසනීප වෙයි මැනික.. ඩොක්ටර් කිව්වා ඇහුනේ නැද්ද ඕක ඔයාට අවදානමක් මගේ පුතේ.. "

" අම්මා ඔයා මන් ඉන්න තැන ඉන්නවනම්.. ඔයාගේ බඩ ඇතුලේ මන් ඉන්න කාලේ ඔයාට මේම වුනානම් ඔයා ඒත් මාව නැති කරලා දානවද ?? "

" පුතා.. "

" අම්මා.. මාත් කොල්ලෙක් වුනාට දැන් මන් අම්මා කෙනෙක්.. අම්මා, මගේ ලේ කැටියාව මරන්නේ නැහැ අම්මා මම මට මොනා වුනත් "

" පුතා ඔයාට බෑ දරුවෙක් වදන්න.. අනික ඉපදෙන දරුවටත් සංකූලතා එන්න පුලුවන්.. "

" අම්මා.. මගේ සංකූලතාවය මම දකින්නේ ආශිර්වාදයක් විදිහට.. පිරිමියෙක්ට දරන්න බැරි මව් පදවිය මට ලැබුනා.. ඒ නිසා තවත් අසුභ කතා කියන්න එපා.. "

" අම්මා ඕක නවත්තන්න.. පුතා තීරණයක් අරන් ඉවරයි.. මොන දේ වුනත් ප්‍රානයක් නසන්න කියලා අපිට කටක් ඇරලා කියන්න  අයිතියක් නෑ.. පුතා ඔයා දරුවාව වදන්න තීරනේ කරත් ඔයා දන්නවා දරුවා වැඩෙන එකත් අස්ථිරයි කියලා.. ඔයා මෙතන අද ගන්න තීරනෙන් වෙන හැමදෙයකම වගකිම ගන්න ලෑස්තිද ? "

" ඔව් අප්පච්චි.. දරුවා නිරෝගිව ඉපදෙයිද ඉපදෙන්න වාසනාවක් නැතුව යයිද මට ජීවත් වෙන්න ලැබෙයිද නැද්ද මේ කිසිම දෙයක් අදාල නෑ.. මට බෑ මගේ පැටියව නැති කරන්න.. "

" හරි මම ඩොක්ටර්ව එක්කන් එන්නම්.. ඔයාම ඔයාගේ තීරනේ කියන්න.. "

අම්මා මන් ලග ඉදන් හෝ ගාලා අඩද්දි අප්පච්චි හිත ඇතුලෙන් අඩන ගමන් මන් වෙනුවෙන් පෙනී හිටියා.. දරුවගේ අප්පා කවුද උබ පිරිමියෙක් මොන ලමයි වැදිලිද ඒ වගේ සක්කිලි කතා නොකියන දෙවියන් වටින අප්පච්චි කෙනෙක් මට හිටපු නිසා දරුවා වදලා මම මැරුනත් මට බය නෑ කියන තැන මම හිටියෙ.. මොකද මම දන්නවා මගේ අප්පච්චි මගේ දරුවට මට කවුරු නැති වුනත් ලග ඉන්නවා කියලා..

" නිසල්.. මිස්ටර් ඒකනායක මට ඔයාගේ තීරනේ කිව්වා.. ඔයාට විශ්වාසද "

" ඔව් ඩොක්ටර්.. මට ඇබෝශන් එකකට යන්න බෑ.. මට මගේ දරුවා ඕනි.. "

" හරි නිසල්.. එහෙනම් මෙහෙමයි මම ඔයාව ස්පෙශල් කේස් එකක් නිසා අපේ ටීම් එකටම බාර දෙනවා.. ඔයා සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනි වගේම ඔයා දරුවා වර්ධනය වෙන්න අවශ්‍ය හැම පෝෂනයක්ම ලබා දෙන්න ඕනි.. අපි අපේ උපරිමය උත්සහ කරමු ඔයා බලාපොරොත්තු වෙන දේ ලබලා දෙන්න"

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now