ඇහි පිහාටු ඝනට ඇලිලා තියෙද්දි ඔලුව පුපුරනවා වගේ රිදෙන්න ගනිද්දිහිමීට ඇස් දෙක ඇරපු මං දැක්කෙ සුදුපාට කාමරයක්.. සැර බෙහෙත් සුවඳින් කියන්න පුළුවන් මේ ඉන්නෙ හොස්පිට්ල් එකක කියලා.. ආයෙමත් ඇස් දෙක වහගෙන මොකක්ද උනේ කියලා මතක් කරගන්න හදන කොටයි උන දේවල් මතක් උනේ.. ඒ කියන්නෙ ජන්කුක්ට දැන් කිසිම දෙයක් මතක නෑ.. ඇයි එහෙම උනේ දෙයියනේ.. මට සැනසීමක් ඇත්තෙම නැද්ද.. ඇස් වලට උනපු කදුලු වැටිලා කොට්ටෙට උරාගනිද්දි මං ඇඳටම වෙලා උන්නා.. විනාඩි දහයකට විතර පස්සෙ කාමරේ දොර ඇරගෙන ආවේ ජිමින්, යුන්ගි, හෝසෝක් හ්‍යුන්ග්ලා එක්ක අපේ හ්‍යුන්ග්නුයි නම්ජුන් හ්‍යුන්ග්නුයි වෙද්දි ඒ පස් දෙනාගෙම මූණු එක සමානවම මැලවිලා ගිහින් තිබ්බා.. ඒත් එයාලට වඩා මගෙ තත්වෙ වෙනස්..
" චූටි දැන් කොහොමද ළමයෝ ඔයාට.. ඔලුව රිදෙනවද මොනවහරි අමාරුවක් තියෙනවනම් කියන්න.. "
" ටේහ්‍යුන් කතා කරපන් බං ඔහොම ඉන්න එපා යකෝ අපිට බයයි.. "
" ඒකනේ මල්ලි අපිට තේරෙනවා බං දුකයි අමාරුයි ඒත් බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑනේ.. "
" හික්.. ආආආර්ග්ග්... ඇයි..හ්‍යුන්ග්.. ඇයි.. මටම..මෙහෙම වෙන්නෙ.. අනේ.. මට.. බෑ..යකෝ..රිදෙනවා..දෙයියනේ.. ජිමින්.. යුන්ගි..හ්‍යුන්ග්.. ජන්කුක්ට.. මට.. කතා..කරන්න..කියන්නකෝ.. හ්‍යුන්ග්.. එයාගෙ..චූටි මැණික.. අඩනවනෙ.. එයාට..කියන්නකෝ.. අඩන්න..එපා...කියලා මගේ..ඔලුව..අතගාන්න.. කියලා.. අනේ.. මං.. මැරෙයි.. හ්‍යුන්ග්.. "
" ශ්..ශ්..අඩන්න එපා බෙයා.. ඔයා ඔහොම වැටුනහම කොහොමද කියන්න අපි ජන්කුක්ව සනීප කරගන්නෙ.. අපි එපැයි එයාට පරණ දේවල් මතක් කරගන්න උදව් කරන්න ඕනේ.. "
" අනේ..හ්‍යුන්ග්..මට..මට.. ජන්කුක්ව.. බලන්න.. ඕනේ..හ්‍යුන්ග්.. මට..යන්න ඕනේ..මාව එක්කගෙන යන්න.. "
" හරි හරි.. කලබල වෙන්න එපා.. ජිමින් වීල් චෙයාර් එක අරගෙන එන්නකො.. "
ජිමින් ගෙනාව වීල් චෙයාර් එකෙන් මං ඉදගත්තට පස්සෙ මාව නවත්තලා හිටිය රූම් එකට එහා පැත්තෙ තිබ්බ ජන්කුක්ගෙ රූම් එකට මාව එක්කගෙන ගියා.. අනේ එයා ඉන්නවා ෆෝන් එකත් එක අතකින් ඔබන ගමන් ඇඳ උඩට වෙලා.. මං එයාගෙ ලගට යනකම්ම එයා මාව දැක්කෙ නෑ.. නෑ එයා අපි කාටවත්ම අවධානෙ දුන්නෙ නෑ..
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...
![𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓](https://img.wattpad.com/cover/343939994-64-k437915.jpg)