0093

1.1K 272 118
                                    

..

..

..

  චුට්ට චුට්ට රෑ වෙන්න අරන්....මහ හෝසෙට අහස අල්ලන්නා හේ විහිදුනු මාදං ගස්....ගිනිසීරියා ගස් වගේම අතරින් පතර හැදුනු තල් , කිතුල් ගස් අතරින් වැටුනු මලානික ඉර එලිය ගැට පිච්ච මල්වලට පිපෙන්න පාර කියාගෙන හැංගිලා යන්නම යද්දි....වැව් රැලි අස්සෙ පෙති ගුලි කරාගෙන නින්දට යන්න සැරසුනු නෙලුම් පොහොට්ටුවලට තනි රකින්නදෝ මූකලානට උඩින් අඩවන් වුනු හද පායාගෙන විත් තිබුනා...




..වැව් මාලුයි කොස් තම්බලයි...හනේ අම්මේහ් මට නම් බත් එපා....කොස් එක්ක මාලු හොදි ටිකක් දාලා දෙන්නකෝ...

   

      වැව් මාලුවෙක් අල්ලගන්න..තුන පහ දාලා පදමට උයාගන්න මහ ලොකුවට වියදමක් උනේ නැතිකොට දවස් දෙකකට සැරයක් නම් ගෙදර වැව් මාලු වැරදුනේම නැති තරම්...වැව්වල මාලු හිදිලා නොගියට මොකෝ කොස් ගහක් පොලොස් ගහක් හොයාගන්න ගමම පීරන්න උනා වෙනකොට....අප්පච්චි අරගෙන ඇවිත් තිබුනු කොස් ගෙඩිය උයනකම් පොඩීට නම් මේ ලෝකෙ සිහියක් නැති උනා...ගෙදරට එක ගානේ අබ ගහක් තිබුනට මොකෝ කොස් ගහක් තිබුනෙ නම් ගෙවල් පේලියකට දෙක තුනක් වගේ වෙන්න වෙද්දි කවදත් කොස්වලට පෙරෙතකම් කරන පොඩීට බත් එක බෙදකම්වත් සිහියක් නැතිව ගියා...


..ඔහොම ඉදින් පොඩී.උබ විතරක් නෙවේනේ මේ ගෙදර ඉන්නේ.තව උන් ඉන්නවනේ....

..අනේ ඉතින් ...

..බත් වගේ ගිලින්න තරම් කොස් උයලා නෑ...ඉදහන් අප්පච්චිට බෙදලා ඉවර වෙනකම්.....


  පොඩී කට ඇද කරගත්තා..නිවුන්නුන්ගෙන් බාලම උනේ.පොඩී.....කවුරුත් පොඩී කියලා කියන නිසාදෝ කෙල්ලත් පොඩි එකෙක් වගේ අම්මා හරි අප්පච්චි හරි අස්සෙමයි..ඒත් බැරි නම් ලොකූගෙ අස්සෙමයි...හදන්නෙම පොඩ්ඩක් කන් කුන් කාලා හුරතල් වෙලා ඕන දේ කරගන්නනේ....


      තීනුත් එක්ක ගෙදර ඉන්නෙ අට දෙනෙක් උනත් අම්මා කලේ පිගන් හතක් සිමෙන්ති බැම්ම උඩින් පේලියට තියාපු එක.....වීදුරු පිගන් හතරක් විතරක් තිබුනා වෙද්දි ඉතිරි තුනම උනේ ප්ලාස්ටික් මැටි කෝප්ප...ගෙදරට අමුත්තෙක් ආවොතින් කියලා පරිස්සමට කැබිනෙට් එක ඇතුලෙ හංගලා තියලා වීදුරු පිගන් ඇරෙන්න ගෙදර වැඩි පාවිච්චියට ගත්තෙම ප්ලාස්ටික් පිගන් හරි ප්ලාස්ටික් මැටි කෝප්පහරි උනා....වීදුරු කෝප්ප තිබ්බෙත් දෙක තුනක් වෙද්දි....කෙල්ලො ටිකට පාට හතරකින් ප්ලාස්ටික් කෝප්ප ගෙනත් දීලා තිබුනා...නැත්නම් පුළුවන්ද  අරයට වැඩී මට අඩුයි කියලා මරාගන්න පාරට බිදගත්තාම කෝප්ප ගෙනත් දෙන්න.....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now