0099

1.2K 280 150
                                    

..

..

..

ඒක හරි ලස්සනයි නේද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.ඒක හරි ලස්සනයි නේද....මන් ගූගල් එක පීරලා හෙව්වා ඒ දෙන්නා තුරුලු උනාම මොන වගේද කියලා ඔයාලට දැනෙන්නෙ දෙන්න පොටෝ එකක් හොයන්න...මට නැති උනත් ඒක එයාට හම්බෙලා...ඒක ඇත්තටම හරි ආදරනීයයි...🥺😍






.
.
.










....මහ රෑ ජාමේ ගෙවල්වලට පැනලා හරි මහන්සි ඇති නේද ඔය මහත්තයට....

   ධතාශ්ගෙ තොල් අග ඇදුනු හිනාවත්...හුස්මත් හිර උනේ එකම මොහොතෙමයි.....හීන් අදුර අස්සෙන් රිංගන්න ගිය කොල්ලගේ කකුල් දෙකත් නවතින බව නොකියාම නවතිද්දි ධතාශ්ට තඩි කෙල ගුලියක් ගිලුනා....

   අප්පච්චි..!

  ඒ කට හඩෙ අප්පච්චිගෙ කියන්න මහ දේවල් ඕන නෑ...බලාපොරොත්තු නොවුනු මොහොතක පිටිපස්සෙන් ඇහුනු ඒ හඩ කොල්ලගේ ඇගම හිරි වට්ටනකොට.....ධතාශ් නෙවේ හැරෙන්නවත් හිතුවේ...ධතාශ් නෙවේ බෙල්ලවත් හරවන්න හිතුවේ....

   උදේ පාන්දර ඉර එලියවත් වැටිලා නැතිව අප්පච්චි සීතලේ මොනා කරනවද කියන්න කොල්ලා දන්නෑ...හැබැයි කොල්ලා දන්නවා අප්පච්චිගෙ කටහඩේ උපහාසයක් තියෙනවා කියන්න.....ඊටත් වඩා සමච්චලයක් තියෙනවා කියන්න....

...මන් හිතාන උන්නේ නෑනේ මගෙ ලොකු කොල්ලට මේ වහල යට නිදාගන්න බැරි විත්තිය...ඇදේ ඉඩ මදිදෝ නැත්නම්.....

..ව්..විකා..ර!..මන් යනවා...

       ධතාශ් දන්නවා ඔය කතාව පටන් ගත්තොත් නතර වෙන තැන...කොල්ලා අප්පච්චිගෙ මූනවත් නොබලා හැරුනේ වැට අයිනෙන් ගිහින් ජනේලෙන්ම කාමරේට පනින්න....ඒත් අප්පච්චිට තවත් හිනාවෙන්න හේතු කාරනා හැදෙන්න කලින් ධතාශ් දඩිබිඩි ගාලා අඩවන් කරලා තිබුනු ඉස්සරහා දොරෙන්ම ගේ ඇතුලට පැන්නා.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now