0098

1K 247 104
                                    

A/N:පැහැදිලිකීරිමක්..

"සුදු මහත්තයාට දහ අට ලබන දවසට මට නියගලා තමා කන්න වෙන්නෙ"

  තීනුට 18 ලබන්නෙ අගෝස්තු...ධතාශ්ට මාස දෙකක් පහුවෙලා ඔක්තෝම්බර්...ඉතින් තේරෙනවනේ කොල්ලට නියගලා කන්න වෙන හේතුව..😪🤣

..

..

..








රැයක් ගෙවෙන්නෙම හැගීම් එක්ක....සමහර වෙලාවට පපුවට දරාගන්නම බැරි මතකවල ශේශමාත්‍ර එක්ක.....

   පැයෙන් පැය ගෙවිලා ගිහින්...මොහොතින් මොහොත ගත වෙලා ගිහින්...ඒත් නින්ද නම් මහ හුගක් ඇතයි ඇස් කෙවෙනි අස්සට...විටින් විටේ වැහෙමින් ඇරෙන ඇස් අස්සට අන්ධකාරය හුරු උනත් නින්ද නෙවේ දැනුනේ...නින්ද නෙවේ ලන් වෙන්නවත් හිතුවේ....

   එකම හැගීමක් අස්සෙ ගිලුනු...එකම හැගීමකට  හිමිකම් කියන දෙහදක්...දෙතැනක උනත් හදවතින් එක තැනක....මග හැරුනු...ඇතට යන්න ගිය උනුහුමක් වෙනුවෙන් සිතුවිලිවලටම කරන ආයාචනාවක්...

      පාට බොද වෙලා ගිය දුබුරු රත ගැහුනු උලු මත අන්දකාරෙ අස්සෙන්ම ධතාශ් දැක්කෙ මොනාද කියන්න දන්නෙ එයාම විතරයි....නින්දක් නැති ඇහිපිය තව තවත් මහන්සි කරවමින් හැගීම් මහ ගොඩක් දරාගත්තු ඇස් උලු මත එහෙ මෙහෙ උනේ මොන හේතුවකටද කියන්න දන්නෙ එයාම විතරයි....

   හැගීම් විතරමද...හැගීමුත් බරසාරෙට පුරවන් ඉන්න පිනිකදුලකුත් හිරවුනු වීදුරු ඇස් දෙකක් තාලයක් නැතිවම ඔහේ සුදු පාට සිවිලිම මතින් ඇදිලා ගියේ තාලයට කාලය හරස් වුනොතින් හැගීම්වල බර දරාගන්න බැරිවම ඇස් කෙවෙනි අස්සෙන් කඩා වැටෙයිදො බයෙන් වගෙ.....

     දුර්වර්න උනු... අතරින් අතර සිදුරු හැදුනු ඇද රෙද්ද ඉනෙන් පහලට වැටිලා තිබුනත්...බැරි උනා ඒ ඇදරෙද්ද ගතේ පාලුව මකන්න..ජනේල් පියනක් වෙනුවට බිත්තියේ හිඩැස වැහෙන්න තිබුනු කලු ඉටි රෙද්දෙ කොනක් හුලන් පාරටම ගැලවිලා තනිය මකන්න හීත හුලගක් ඒ අස්සෙන් හමාන ආවා උනත්....ඒ හීතට බැරි උනා නිරුවත් උඩුකයේ පපු මැද්දෑවට ආදරනීය තෙත හාදු තවරන්න....ලෝකෙන්ම හංගන් පපු මැද්දෑවේ පරිස්සම් කරපු චූටි වස්තුවගෙ හාදුවල තරම් ආදරනීය බවක් ගල්වන්න....

🍁නූශ්🍁(Zhanyi)Donde viven las historias. Descúbrelo ahora