"නෝනේ මම ගෙදර ආවා
දොර ඇරපන් නෝනේහ්..."" යොහ් ඇයි මේ දොර වසා දමා..
යේබොසේයෝ අන්නාසිහසේයො කොච්චිනිවා සරමේකා..""අනේ යකො ඇයි මේ දොර වහාලා.."
"වොච්මෑන් අයිසේ වොච් මෑන්..."
" අජුස්සි උබ බුදිද බන්..වොච්මෑන්..."
"බේබීඊඊ...මම ඉන්නවා බේබී..මම මෙහේ.."
"උබ ඔහේ ඉදලා වැඩක් නෑ මේන් මෙහාට වර.."
දුසේ අංකල්ගේ විරුද්දත්වය පරදා එයාගෙ සුපිරි දඬුමොණරෙන් ගෙදර ආපු මම හෝන් එක උඩ වාඩිවෙලා ඉදලා ගෙදර මිනිස්සු එලියට ආපු නැති තැන දොරට ගගහා කඩන්න හැදුවා..
තාම තුනයි වෙලාව..මගෙ මිනිහා බුදිද..මම කිව්වානෙ එහෙදි එනවා කියලා..
මන් දොර ඉස්සරහින් වාඩිවෙලා වත්තෙ මුරට ඉන්න මුර අජුස්සිට බෙරිහන් දුන්නා..මිනිහා මෙ වෙලාවට තමා බුදියන්නෙ..වත්ත ආරක්ශාවට ගත්තාට මොකද ඒකා ආරක්ෂා කරන්නෙ මල් පැල තණකොළ විතරයි..ගෙදරට හොරෙක් ආවත් ඉස්සරහා ගේට්ටුව ඇරලා එන්න දෙනවා..ඒවගේ මිනිහෙක් එයා...පිස්සු අජුස්සී...අපෙ ඩැඩීට හම්බෙන්නෙම ඔය වගේ හම්බාවොන්ව..පේන්නැද්ද ඔය අපෙ සේපාලයා...අමු ගවයා...
"බේබී..මොකෝ මේ දොරකොඩ..හිකේ ඔය බිම වැලිනේ නැගිටින්න බේබි.."
"බිම ඉන්නෙ දොරකඩන් ඇතුලට යන්න බැරිහන්දා...දොර කඩන එක ලොකු දෙයක් නෙමෙයි..එත් මාම්ගෙ කට ලොකු එකක්.."
"අනෙ මන්දා..බේබිගේ කැමැත්තක් තමා..අමනාපයක් නැත්තම් මාත් මේන් මෙතනින් වාඩිගන්නද.."
"අජුස්සි මන් ඔයාට මෙතනට කතාකරේ තරු බලන්න කියලාද හිතුවේ..මගෙ යකා අවුස්සන්නැතුව ගෙදර අනිත් යතුර දිපිය..".
අනේ මන්දන්නෑ මෙ මිනිස්සුන්ව ඩැඩී කොහෙන් හොයාගත්තාද කියලා...
"හප්පදබොල බේබියේ..මාර වැඩේනේ..තමාල් මහත්තයා අද කවදාවත් නැතුව යතුර ඉල්ලගත්තානෙ මගෙන්..මම දෙන්න බෑම කිව්වා..කොහෙද නොදුන්නොත් හෙට කෑම වේල නැති වෙනො කිව්වා..ඒක හන්දා මට දෙන්න සිද්ද වුනා.."
ගෝඩ් මාම්.....එයාව එක්කන් නොගිය එකේ පලිය ගන්නවාද කොහෙ..ඒ මදිවට මගෙ මිනිහා ෆෝන් එක උස්සන්නෙත් නෑ.. හොරෙක් වගේ මගෙම ගෙට පනින්න තමා දැන් වෙන්නෙ..