ආර්හ්...ඔලුව..හොල්ලන්න බැරි තරම් බරයි..මගේ මොලේ හිරිවැටිලාවත්ද..අනේ කාලේ වනේවාසෙ කිව්වලූ..මන් දැන් මැරෙයිද...අම්මොහ්..පිපිරෙන්න වගේ රිදෙනවා..
හෝව් හෝව්...මන් මේ කොහෙද ඉන්නෙ...
මේ රූම් එක අපේ ගෙදර එකක් නෙමෙයි...
මතකාවර්ජනේකට යමන් මගේ පුතේ......දුසා යන්න ගිහින් සතියක් වුනා...ඔක්කොම වැඩ මගෙ බෙල්ලට හිරවුනා...උදෙ යනවා රෑට එනවා..නල්ල මලේ කම්පැනිය නිසා මගේ වැඩත් පාඩුවුනා..මගේ උන් උන්නාද මලාද දන්නෑ..හොදටම වුන නරකම දේ මගෙ මනුස්සයත් මාත් එක්කම බිසි වුන එක..
අර පළාතේ රැස්වීම්ලූ..මේ පැත්තේ ජනාධිපති රැස්වීම්ලූ..අර ගමේ පාරක් හැදුවලු..අහවල් ගමට වතුර ටැංකි දැම්මලු..ගම නගමු වැඩ සටහන්ලු..යෞවන සමාජලු අරකලු මේකලු..එකී නොකී රාජකාරි...
එතකොට මම..අර බයර්ස් එක්ක මිටින්ග්..මේ බයර්ස් එක්ක මීටින්ග්..අර පාටි...මේ පාටි..අර ක්ලයන්ට් එක්ක ඩිනර් මේ ක්ලයන්ට් එක්ක ඩිනර්..දේවියනේ මේ ඔක්කොම ගානට මැනේජ් කරගෙන කරපු දුසේ අංකල් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ..
මේ සතිය එපාම කරපු සතියක් වුනා..මෙච්චර කාලයක් අර මනුස්සයා මේ වැඩ කොහොම කරාද..ඒකට උඹ මෙච්චර කල් කම්පැනියට යනෝ කියලා ගියාට එක මීටින්ග් එකක් බැලුවද..නෑ..ලැප් එක බදාගෙන එන මේල්ස් චෙක් කරනවයි..දුසා දුන්න ෆයිල්ස් චෙක් කරනවයි..එච්චරයි වැඩෙ ක්ලෝස් හයවෙන්නත් කලින් සමහර දාට මම ගෙදර....මෙ කම්පැනීස් බලාගන්න වැඩ මට පෑහෙන දේවල් නෙමෙයි අප්පා..ඔය ගඩොල් වලින් හදාපු රපුන්සල්ගේ කුලුන විතරක් නම් බැරියෑ..ආර්ය හොටෙල්ස්..හොස්පිටල්ස්..රෙස්ටුරන්ට්ස්..ක්ලබ්...තනි මන් කොහොමද ඔය ඔක්කොම බලන්නෙ..එපාම වුනා..එත් කරා..ඕන් මන් ආසාවකින් බැලුවේ ක්ලබ්ස් ටික විතරයි..
සීයාපප්පාට තෙරෙන්නැද්ද මේ මහා විසාල ධනස්කන්දය තනි එකෙක්ට බලාගන්න බැරි විත්තිය...
වෙන්න පුලුවන් ඔක්කොම නරක දේවල් මේ සතියෙ වුනා..මාම් පපා එක්ක රශියා ගියා ආච්චම්මා බලන්න..ජංගි මාමා සිරන්තියාව තියාගෙන ඉදියා ඇති..දැන් එයා ලංකාවට එන්න ඕනි කාලෙ ඇවිත්..අවුරුදු තුනක්ම ඉදියා මදෑ ඔය..