දහනව වන නෘත්‍ය 🥀

56 11 2
                                    

මාලිගය ඉතා ශෝභමාන අයුරින් සැරසිලි කටයුතු සිදුකර තිබුණා. පොල් තෙල් පහන් හා විලක්කු වල ආලෝකය හමුවේ මාලිගය සරසා තිබුණේ මියගිය මහරාජ් වාසුදේව් ගේ අවසන් කටයුතු සිදු කළාට පසුව වුණා.
එතුමාගේ අවසන් කටයුතු සියල්ල නිසි පරිදි සිදු කරන්නට ශිව සිටීම අත්‍යාවශ්‍ය වුණ නිසා ශිව ට සහ පාර්වදී ට මාලිගයෙන් නික්ම යෑම දිනකට කල් දමන්නට සිදු වුණා.

මහරාජ් වාසුදේව් ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මේ සැරසිලි කටයුතු සියල්ල ම සිදු කොට පැවතුනේ රාජ්කුමාර් අර්ජුන්ගේ මහරජ පදවිප්‍රාප්තිය සහ විවාහ මංගල්‍යය සේම රාජ්කුමාරී ගංගා ගේ විවාහය වෙනුවෙන් වුණා.
රාජ්කුමාරී ගංගා මේ වන විටත් පිය රජුගේ අවසන් කැමැත්තට එකඟව ඔහු තමා වෙනුවෙන් තෝරා ඇති කුමරුන් සමග විවාහය පිණිස සැරසී සිටියා.

රාජ්කුමාරී ගංගා මේ වන විටත් පිය රජුගේ අවසන් කැමැත්තට එකඟව ඔහු තමා වෙනුවෙන් තෝරා ඇති කුමරුන් සමග විවාහය පිණිස සැරසී සිටියා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

එසේම නර්මදාව පවා....
නර්මදාගේ සුන්දර රූපශ්‍රීය ඇය සැබැවින් ම මහාරාණියකට උචිත අයුරේ ගාම්භීර එකක් වුවත් ඒ ශෝභමාන මුහුණේ සිනහව වියැකී ගොස් තිබුණා.
ඈත සිට ම ඒ බව අර්ජුන් දුටුවත් ඔහු සුසුමක් හෙලා ඉවත බලා ගත්තා විනා නර්මදා ව සැනසීම පිනිස කිසිවක් සිදු කරන්නට ඉදිරිපත් නොවුණා.

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
නෘත්‍යා... A Jikook nonficOù les histoires vivent. Découvrez maintenant