විසි පස්වන නෘත්‍ය 🥀

61 13 4
                                    

ඔබට ශිව ගෙන් පළිගැනීමට ඕනි කළත් ඔහු තවමත් ජීවතුන් අතර රාජ්කුමාර්...

ජග්දීශ් ගේ කාර්යාල කුටියේ ඔහු හා කතා බස් කරමින් සිටින අතරතුර රාජ්කුමාර් විශ්වනාත් කීවේ මදිරා පානය කරමින්.
ජග්දීශ් කුඩා කළ සිට වෙහෙස මහන්සි වී වැඩ කළ අයෙක් නිසා සේම ඔහු කුඩා කළ සිටම බොහෝ පීඩනයන්ට ජිවත් වීමට සිදු වූ අයෙක් නිසා ජග්දීශ් මදිරා වලට ඉතා තදින් ඔරොත්තු දෙන අයුරේ පුද්ගලයෙක් වුණා.
මදිරා කෙණ්ඩියක් නොව කළයක් පානය කළද ජග්දීශ් ගේ සිහිය ඔහු කෙරෙන් තුරන් නොවුණත් ජග්දීශ් මේ අවස්ථාවේ රාජ්කුමාර් විශ්වනාත් හා කතා කළේ මත් වූ ස්වරයකින්.

ශිව ව මා මාලිගයෙන් පන්නා දැම්මා.
එය මට ප්‍රමාණවත්...

නමුත් ශිව ආයෙමත් පැමිණියොත් දිනක....

ඔහු නැවත පැමිණේවි කියා සිතනවද..?
මා නම් සිතන්නේ නැහැ.

ඔබේ සතුරා ගැන ඔතරම් දුර්වල අයෙක් යැයි සිතීම මහ මෝඩකමක් රාජ්කුමාර්...
ඔබට කිසි සේත් ම අමතක කළ නොහැකියි ඔහු තමයි ශිව. මහා දෙවියන් ගේ උපත සමරන දිනයේ ඒ නැකතේදී ම උපත ලද තැනැත්තා.
ඔහුගෙ වචනයට ත් බලයක් තිබෙනවා..
ඔහු කතා නොකර හිටියා කියල ඒ බලය නැති වෙන්නෙ නෑ. නිහඬව ඉඳල යම් මොහොතක කතා කළත් ඒ මොහොතෙත් ඔහු බලවත්.
එයයි සත්‍යය...
ඔහු ඔබලා එක්ව ඔහුව මාලිගයෙන් පිටමං කළ බව කියුවෙ නැහැ.
එසේ කියා ජනතාව කුපිත කළ දිනෙක ඔබටත් මහරාජ් අර්ජුන් ටත් ගැලවීමක් හිමි වෙන එකක් නැහැ.
මන්ද ජනතාව ශිවගේ වදන් විශ්වාස කරන්නෙ දෙනෙත් දෙකන් වසාගෙන.

රාජ්කුමාර් විශ්වනාත් තම සිතෙහි වූ ආවේගය පිට කරමින් කියා සිටියදී ජග්දිශ් ඒ බව අසා මද සිනහවක් පෑවේ මෝඩ අයුරින්.
ඔහුගෙ හැසිරීම ගංගා අසල සිටි සාමාන්‍යය ජග්දිශ් ට වඩා වෙනස් වුණා.
සැබැවින් ම සංවේදී ජග්දීශ් කෙනෙක් රඟ දැක්වෙන නාට්‍යයේ කෙළවරක සිටියා.

ඔබ පවසන්නේ සත්‍යයක් රාජ්කුමාර්.
ඇයි මට මේ ගැන කලින් නොහිතුනේ.. හහ්... මම මොකක්ද කරල තියෙන්නෙ..
හැබැයි රාජ්කුමාර්... මාලිගයෙන් පිට ඔහුව නසන එක පහසුයි.
මාලිගයෙන් පිට ඔහුට ආරක්ශාව අඩුයි.

නෘත්‍යා... A Jikook nonficWhere stories live. Discover now