විසි නවවන නෘත්‍ය 🥀

56 14 6
                                    

සමනලිය ශිව ගෙ ගෙලෙහි දෑත් පටලවගෙන ඔහුට තුරුල් වෙලා... ඔහු දන්නවා ශිව ට කිසිත් අනතුරක් වුණොත් තමා ජීවත් වෙලත් වැඩක් නැති බව.

ඔබට කිසිත් වී ඇතැයි මා බිය වුණා..

මා කීවනෙ මගෙ දේවී...
මගේ කැමැත්තක් නැතිව කිසිවකුටත් මට අහිතක් කරන්න බැහැ.
මගේ දේවි දිනක් පුරාවට මට දීර්ඝායුෂ පතා උපවාස කළා... ඒ පතිවතේ බලය ම ඇති නොවෙද ඔබේ ශිවට කිසිවක් නොවෙන්න...?

ශිව සමනලියව තම ළයට ලං කර ගනිමින් සමනලියගේ දිගු ඝන කෙහෙරැලි මතින් හාදුවක් තවරමින් ශිව මුමුණද්දී සමනලිය ඔහු දෙස බැලුවා.

ඔබට මේ තුවාල කෙසේද සිදු වුණේ...?

මා පෙරදින රැයේ කුඹල්කරුගේ කටයුතු වලට සහය දී නැවත පැමිණෙන අතරතුර ගුජරාටයේ සැම තැනක්ම වනසන සොර මුල මුණ ගැසුණා.

ඉදින් ඔබ ඔවුන් සමග සටන් කළා...?

හ්ම්ම්....

එවිට ඔබමයි අර අමාත්‍ය කර්ණන් ගේ නිවස ඉදිරියෙන් කාන්තාවන් හට හිංසා කළහොත් මරා දමන බවට තර්ජණය කර ලිපියක් තැබුවෙ...?

හ්ම්ම්....

වදනින් පිළිතුරු නොදුන් ශිව සමනලියගේ ගෙල මත දෙතොල් තද කරමින් සියුම් හාදු රැසක් තවරන්නට වද්දී කිති කැවුණ සමනලිය තම ගෙල පසෙකට ඇල කරමින් ශිව ගේ පහස ට නතු වෙන්න පටන් අරන්...
නමුත් සමනලිය නම් ශිවගෙන් ප්‍රශ්න කිරීම නම් නවතන්නට සූදානමක් නැති බවයි පේන්නේ....?

එවිට...
යෑමට ඒමට මෙතරම්... ම්ම්හ්.... තැන් තිබියදී පවා ඔබ එනිසයි ගුජරාටය ම තෝර ගත්තෙ...?

හ්ම්ම්...
ඒ මගේ ගලට හසු වූ එක් අමතර පක්ෂියෙක් පමණයි මගෙ දේවී...
දැන් ඔය කතා අත්හරින්න...
මා හට ඔබේ ප්‍රේමය විඳගන්න ඉඩ දෙන්න....

ශිව....
ඔබ අපහසුවෙන්... මෙය... පසුවට කල් දමන්න... ඔබ සුවපත් වී සිටිය යුතුයි..

ඔබේ ගැටලුව එයම නොවෙයි නේද මගෙ දේවි...?

කිසිවකු දකීවි ශිව....
අත්හරින්න මා...

නෘත්‍යා... A Jikook nonficWhere stories live. Discover now