1 කොටස

2.2K 278 167
                                    

නිලම්ඹරේ 🕊
1 කොටස


මීට මාස හයකට කලින් සිද්ධ වුන කැත වැඩක් මට හදිස්සියේ මතක් කලා.. කැත වැඩක් කිව්වට මගෙ පැත්තෙන් කුපාඩි වැඩක් කිව්වොත් සීයට සීයක්ම හරි.. මොකද මං දැක්කා ඒ වෙලාවෙ අනිත් එකාගෙ මූණ මොන වගේද කියලා...

බයික් එකේ එනගමන් හිටපු මට හදිස්සියේ ඒ අතීත සිද්ධිය මතක් වුනේ පාර අයිනෙ තැනක ගහලා තිබ්බ කටවුට් එකක් දකිද්දි.. මොකද තව සතියයි තියෙන්නෙ.. ඒ මහා සංග්‍රාමයට තව තියෙන්නෙ සතියයි..! මගෙ කටකොනට ආවෙ මහා මනමාල හිනාවක්..


" දනිත්..!! තෝ හික්කඩුවෙද ඉන්නෙ යකෝ මෙච්චර වෙලා ගියේ..? "

කළු පාට ඩියෝ එක කොටුව ඇතුල් පාරෙන් ඇවිත් ගැන්සිය හිටපු තැන නතර කලා විතරයි.. මිනෝල් බෙරිහන් දුන්නෙ ඌට මං එනකන් බලාගෙන ඉදලා ඇගෙන් ඇටයක් ගියා වගේ ලයින් එකකින්.. ඒත් මං නෙවේ උන් කියන දේවල් තඹේකට ගනන් ගත්තේ..


" පෙනේද.. පෙනේද මූණෙ තියන කුපාඩි හිනාව මුගෙ.. ඇත්තමයි දනිත් උබ බයික් එකේ එද්දි නංගි බබෙක්ගෙ ඇගටවත් කැපුවද.. මනමාල හිනාවක් දාගෙන ඉන්නෙ.."

මට කතා කරන්න කට අරින්න තත්පරයක් වත් ලැබුනේ.. හැබැයි මෙහෙමයි මමත් මුකුත් කියන්න උත්සහ කලේ නෑ කිව්වොත් ඒකත් හරි..


" විනාඩි පහෙන් කොටුවෙ කියලා නේද කිව්වේ..!! උබට පැයක් පේන්නෙ විනාඩි පහක් වගේද කියහන්..? "

" කෑ නොගහා හිටහන් යකුනේ.. මං ආවානෙ වෙලාවට.."

කොල්ලො ටික කටවල් වහගත්තා.. හැබැයි කටට ආව ධම්මපද දේශනාවක් එක දිගට කියලා ඉවර වුනාට පස්සෙ.. මම වැඩිය කතා කරන හාදයෙක් නෙවෙයි. කියන්න ඕනම දේට විතරක් කට ඇරපු වැඩියෙන් වැඩ පෙන්නපු එකෙක්.. ඒක මුන්ට අමුතුවෙන් මතක් කරන්න ඕනෙත් නෑ කොහොමත්..


අපේ අවුරුද්දේ සාමාන්‍ය පෙළෙන් මං ගාල්ලෙන් දෙවනියා වුනා.. ඇත්තටම ඒක මගෙ ඉස්කෝලෙට වගේම මට ලොකු අභිමානයක්.. මොකද ඉගෙනීම මගෙ ඇගේ තිබ්බද කියන්න මං දන්නෑ හැබැයි අම්මා තාත්තාගෙ බලපෑමක් ලොකුවට නැතත් මට ඕනා දේ කොහොමහරි කරන්න ලොකු උණක් ඇග ඇතුලෙන්ම ආවා..


නිලම්ඹරේ Where stories live. Discover now