8 කොටස

788 194 218
                                    

නිලම්ඹරේ 🕊
8 කොටස


වෙනදට උදේට සනීපෙට ඇදෙන් නැගිටින මාව පුදුම කරච්චලේකට තමයි අහු වුනේ.. කියවනවා කියලා දන්නවා වුනාට මෙච්චර කට කියලා හිතුවෙම නෑ.. ඒ අස්සෙ මං මොකක්දෝ නොකරපු එකක් අල්ලගෙනත් මාව කන්න හැදුවා.. මං කවද්ද අනේ පස්සවල් මිරිකුවෙ.. මට නම් මතක නෑ...


" ඔයා ඔය කියන්නෙ වෙන කෙනෙක් ගැන මං හිතන්නෙ.. මං ඔය වගේ වැඩ කරන් නෑ..."

අත්දෙකත් පපුවට බැදගෙන ලොක්කා වගේ කාමරේ එහාටයි මෙහාටයි යන රිච්මන්ඩ් හාදයා මගෙ දිහා ඇස් කරකවලා බලන ගමන් නතර වුනා..


" හොදට මතක් කරනවා අරලිය...! බොරු කිව්වොත් හප්..!! දන්නෑ මගෙ හැටි.."

හප් කියන්න මං පොඩි එකෙක්ද යකෝ.. අපේ අක්කාගෙ දෝණිවත් බය නෑ ඔහොම කිව්වට.. ඒ විතරක් යෑ ඒක මූ කිව්වෙත් යටි තොල හපලා සැර බැල්මක් මගෙ දිහාට දාලා.. මේ මයුරුට පිස්සුද යකෝ.. එක්කෝ ඊයේ පොලු පාරවල් වැදුනෙ මට නෙවේවත්ද..


අනික මට හිතෙන්නෙ මුන්ගෙ තාත්තා නෙවෙයි මූද කොහෙද රටේ අගමැති.. ඒ තරම් කෝල්ස් තොගයක් ආවේ.. විනාඩි පහෙන් පහට කෝල්ස්.. ඒ එද්දි කට ඇඹුල් කරන් තනියම හුටු හුටු ගගා බැන්නත් ආන්සර් කරේ අර හොර ඇමතියලා වගේම කටපුරාම හොද හිනාවක් දාගෙන උදේටත් සුබ පතලා..

මට පේන්නෙ අයියලා දෙන්නටම වඩා මූ තමයි හොදම දියවන්නාව පැත්තේ රවුමක් යවන්න..


" අයියෝ පොඩි අයියා.. ඔයාට සිංහල තේරෙන් නැත්තං මං ට්‍රාන්ස්ලේට් කරලා දෙමලෙන් වත් කියන්නද හලෝ.. "

අශාන් කාරයා කෝල් ගත්තහම නම් තියන්නෙ නෑ ෆෝන් එක.. ජෝතිපාලට මයික් එක හම්බුනා වගේ තමයි.. අපහස කරන්න හොද නෑ ඒ රත්තරන් මනුස්සයාට.. හැබැයි මේ අශාන් නම් රටටම අපහාසයක්..


" දැන් එක පාරක් කිව්වානෙ.. මට ගෙදර එන්න වෙන්නෑ.. වීකේන්ඩ් එකේ මැචස් නෙහ්.. දිගටම ප්‍රැක්ටිස් අනේ ඇවිත් යන්න එන්න ටයිම් නෑ.. මං මේ දැනුත් රෙස්ට් රූම් එකේ ඉන්නෙ මගෙ කකුල ටිකක් රිදෙනවා.."

නිලම්ඹරේ Where stories live. Discover now