3 කොටස

893 209 140
                                    

නිලම්ඹරේ 🕊
3 කොටස


මාතර ටවුන් එකේ ඉදලා පැය බාගයකට කිට්ටු දුරක්.. ඈතින් බීච් එක පේන මායිමේ පන්සල ගාවින් මස්සිනා කාර් එක හැරෙව්වා.. මං පැසෙන්ජර් සීට් එකේ වාඩිවෙලා හිටියට මගෙ ඇස් තිබ්බෙම පැති කන්නායෙ වගේම කාර් එකේ මැද තිබ්බ කන්නාඩියෙ.. මොකද අපි ඉස්සර වෙලා ආවට මොකද අදාල වාහනේ ආවේ නෑ..


මං දන්නෑ මේ හැමදේම අහම්බයක්ද කියලා.. මේ දේවල් මගෙ වාසනාවට සිද්ධ වුනාද අවාසනාවට සිද්ධ වුනාද කියලා.. මොකද මස්සිනායි අක්කායි මහන්සි වෙලා හම්බකරපුවායෙන් හදපු ගෙදර තිබ්බෙ දික්වැල්ලෙ තිබ්බ අගමැති මන්දිරය පේන සීමාවෙ..


කොච්චර හොදට පේනවද කියනවා නම් අතුරු පාරෙන් කාපට් පාරට ආව ගමන් බුදු පිලිමයක් තිබ්බ තුන්මං හංදියේම තිබ්බෙ ඔය කියන විශාල මන්දිරේ.. බැල්කනියෙ ඉන්න උන් කරන හැම මගුලම පාරට පෙනුනා.. තට්ටු තුනේ ධවල මන්දිරයක්.. මේක ඇමරිකාවෙ වයිට් හවුස් එක නෙවෙයි දකුණෙ වයිට් හවුස් එක..


" මේ දවස් වල ලොක්කා නෑ.. කොළඹ ඉන්නෙ.. "

බුදු පිලිමෙ ගාවින් හරවද්දි මං වයිට් හවුස් එක දිහා බලාගෙන ඉන්නවා දැකලද මන්දා මස්සිනා නිකමටද කොහෙද කිව්වා.. මං විශේෂත්වයක් පෙන්නුවෙ නෑ ඒත් මට පැති කන්නාඩියෙන් බැලුනෙ කලු පාට ප්‍රාඩෝ එක තාම නැද්ද කියලා..


" ප්‍රයිම් මිනිස්ටර් රඹුක්වැල්ල එච්චර හොද මිනිහෙක් නෙවෙයිලු නේද අයියේ.."

" දේශපාලනයෙ සදාකාලික හතුරොයි මිතුරොයි නෑ කියනවානෙ බන්.. අනික ආණ්ඩුව පෙරලුනැයින් පස්සෙ මිනිහාට කනාවට වගේ අගමැති පට්ටම හම්බුනාට අවුරුදු ගානක් හිටියේ එක එක ඇමතිකම් වලට මාරු වෙවී.. ඉතින් එහෙම උන් කවද්ද බන් හොද උන් වුනේ..? "

මං නොදන්නවා නෙවේ ඔය පොලිටික්ස් කරන උන්ගෙ හැටි.. ඒත් මොකක්දෝ හේතුවකට මගෙ හිත රිදුනා.. මට රිද්දගන්න කිසිම හේතුවක් නෑ කියලා හිතට කොච්චර තරවටු කරත් ප්‍රයිම් මිනිස්ටර් වගේම ඒ පවුල මතක් වෙද්දි මගෙ හිත රිදුනා..


නිලම්ඹරේ Where stories live. Discover now