නිලම්ඹරේ 🕊
20 කොටස" උබ මොකෝ නිකන් අමාරුවෙන් වගේ..? "
ඉරිදා හවස මැච් එක ඉවර වෙලා එද්දි මිනෝල් මගෙන් ඇහුවා.. වෙනදට මැච් එකක් දින්නා කියන්නෙ ග්‍රවුන්ඩ් එකම දෙවනත් කරනවා.. අද මගේ නිශ්ශබ්දතාවය මිනෝල්ට වෙනසක් දැනෙන්නැති..
" මුකුත් නෑ ඕයි මහන්සී වගේ.."
ඩොක්ටර් මට සර්ජරි එක කරනකන් පරිස්සම් වෙන්න කිව්වත් අරලිය ඉන්ජර්ඩ් වෙලා කියලා ටීම් එකට කියන්න මට හිත දුන්නෑ.. මං ආවා ප්ලේ කරා දිනුවා..
මේ වෙද්දි අපි මැචස් දෙකක්ම වින් කරලා තියන නිසා සෙමි ෆයිනල් එක වින් කරපු ගමන් ෆයිනල් සිලෙක්ට් වෙනවා.. මොන අමාරුව තිබ්බත් ටූනමන්‍ට් එකේ ට්‍රෝපි එක ඉස්කෝලෙට ගේන්න මට තද උණක් තිබ්බෙ.. මොකද හැමදේටම වඩා මගෙ හීන ලොකු වැඩියි..
" එහෙමද.. නැත්තං මයුරුව දැක්කෙ නැති නිසාද.. "
" මං ඊයේ එයා ට්‍රෝපි එක ගන්නවා බලන්න ආවේ නැති නිසා එයා තරහාවෙන එක සාධාරණයි බන්.."
මිනෝල් නෝන්ඩි හිනාවක් දාගෙන මගෙන් ඇහුවත් මගෙ හිත රිදිලා තිබ්බෙ පුදුම විදිහට.. එයා එන්නෙ නෑ කියලා දැන දැනම මං පැවිලියන් එක පුරාම එයාව හෙව්වා..
එයත් ඊයේ මාව බලාපොරොත්තුවෙන් ඉන්න ඇති.. ඉතින් මං නෑවිත් මිනෝල්ව විතරක් දැක්කහම අද මට දැනුනා වගේම එයාටත් දැනෙන්නැති.. අපි දෙයක් නොදී දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නෑ කියන්නෙ ඒකයි..
" මයුරු තරහාවෙලාද..? OMG..!! උබ හිතන දේවල් ඉතින්..අනේ මන්දා අරලිය උබ නම්.."
මං මුකුත් කිව්වේ නෑ.. මිනෝල් මගෙත් එක්ක මේ ටිකේ රණ්ඩු කරනවා වැඩී.. මට හිසරදේ වගේ ඒවා අහන් ඉදලා.. මටත් ආපස්සට කියන්න දේවල් තිබ්බෙ නෑ.. ඉතින් ඕන එකක් කියපන් කියලා මමත් අහන් ඉන්නවා...
" නැගපන් මේ වීල් එකට.. දමිත්‍රිගෙ චූචි බබාව ගෙදරට ගිහින් දාන්න.."