ම්ම්හ්..! රිදෙනවා. අනේ මට ගොඩක් රිදෙනවා. අම්මේ පුතාට රිදෙනවනේ. අනේ අම්මේ. අප්පච්චී කොහෙද අනේ ඔයා.ඇහිපිහාටු වල බර ටොන් ගානක් විතර.
ඇස් දෙක අරිනවා කියන්නෙම ඇගේ තියෙන ඔක්කොම හයිය දැන දැනම අතාරින එක වෙද්දීත් මන් උත්සාහ කරෙ ඒක කරන්නමයි. කන් දෙක රත් වෙලා ගිනි කබලක් වගේ. හීනියට කන් මුල් අඩියේ ඉදලා පටන් ගත්ත වේදනාවක් හිස් කබල දිගේ ඇවිල්ලා ඇහිබැම දෙකට යටින් ඇස් උඩ අම්බලමේ නිදාගෙන. උන් නිදාගන්නයි. මම දුක් විදින්නයි.ඇස් දෙක වහගෙන ඉන්නකොටයි ඇරියමයි ලොකු වෙනසක් තිබුනේ නෑ කියලා මට හිතුනේ අන්ධ හූත කලුවරක කෙළවර ඇස් නතර උනාම.
කවුරු හරි මගේ ඔලුව අතගානවා මට දැනුනා. මොනවද මතුර මතුර එක රටාවකට නළල පිරිමදින ඒ ස්පර්ශය අදුනගන්න මට ගියේ තප්පරයකටත් අඩු කාලයක්.
සීයා තාත්තා..
" රතු නූල "
ඒ කටහඩ බැරැන්ඩි වෙලා. සීය තාත්තාට මහන්සි ඇති. මන් හින්දනේ මේ හැම ප්‍රශ්නයක්ම.
" මුතූ ඇස් අරින්න මගේ පුතේ "
ඒ කාරුණික හඩට මගේ ඇස් වල කදුලු පිරිනේ මටත් හොරා. බර ඇහිපිහාටු යන්තම් ඇරගෙන වටපිට බැලුව මම අන්තිමේදී මගේ ජීවිතේ මට වටින එකම මිනිස් ජීවිත දෙක දැක්කා.
සීයා තාත්තා
ආච්චි අම්මා
" ෂ්..දැන් ඔක්කොම හරි මයේ අම්මා. දැන් ඔක්කොම හරි "
තව වචනයක්වත් නොකියා සීයා තාත්තා එළියට ගියේ ආච්චි අම්මටයි මටයි හිතේ හැටියට අඩන්න ඉඩ දෙන ගමන්. සුදු පාට ජනෙල් තිර රෙදි එහාට මෙහාට වැනුනේ හුළගට විතරක්ම නෙවෙයි. ජනේලයේ දික් අතට ගැහුව යකඩ පොලු අත් දෙකෙන්ම අල්ලගෙන මූන ඒ මැද හිඩසෙන් පුලුවන් තරම් ඇතුළට ඔබාගෙන ඉන්න ඒ රූපෙට මම වෛර කරා.
හද එළිය වගේ දිලිසෙන කොන්ඩයක්. අඹපු රූපයක් වගේ කිරි පාට ඇග. නිරුවත් හැඩිදැඩි උඩුකය එක්ක රතු තොල් අග මැවුනු ඒ හිනාව. ඌ හැමතිස්සෙම හැදුවේ මාව පාච්චල් කරන්න. මාව බය කරන්න. මන් වට්ටන්න. පුලුවන් නම් ඌ මගේ ඇගේ එක ලේ බිංදුවක් නැති වෙනකම් බීලා දායි.
ඌ මනුස්සයෙක් නෙවෙයි. යකෙකුත් නෙවෙයි. සතෙකුත් නෙවෙයි.
ඌ මාව මරන්නේ නෑ. මට කරදරයකුත් නෑ. ඒත් ඌ හැම තිස්සෙම මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ හෙවනැල්ලවත් එච්චර මාත් එක්ක එන්නෙ නැතුව ඇති. පුස්කොළ පොත් පිරෙන්න යක්කු ගැන කතා කිව්වත් මේ යකා නමක් නැති එකෙක්. පොතේ නැති යකාව එලවන්න මොන තොවිලයක් නටන්නද ?
ගෑනුන්ගේ ඇගට වහ වැටෙන උන් කලු කුමාරයා වෙනවලු , දරුවට ආසාවේ මැරෙන උන් බෝදිලිමා වෙනවලු , දිව්‍ය යක්ෂ කවලම් වෙද්දී කඩවර දෙයිහාන්දුරුවෝ වෙනවලු.
මේක තනිකරම පිස්සුවක්. නමක් නැති වෙනවට වඩා මූට කතා කරන්න නමක් තියෙන එක හොද නැද්ද ? මන් හිතුව දේ තේරුනා වගේ ඒ ඇස් එක පාරෙන් මගේ දිහාවට හැරුනා. මාව වෙව්ලුවා. ආච්චි අම්මා තුරුලු කරගෙන හිටියත් මන් වෙව්ලන්න ගත්තා. මන් ඌට රැව්වා.
සුදු කුමාරයා
උඹ පුලුවන් තරම් මාව බය කරන්න හදපන්.
ඒත් මන් උඹට බය නෑ.
_________
YOU ARE READING
ආතුරයා || Nonfic Bl
Non-Fictionලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක...