කතෘ මානයෙන් ,සද එළියෙන් නැහැවී ගිය ලදු කැලය මත
සෙමෙන් ඇද හැලෙන්න වූ පිනි වැස්ස කිසිම හැලහොල්මනක් නැතිව බිම දන ගහගෙන ඉන්න මුතූ තිනේශ්ව බිදෙන් බිද දිය කරන්නට පටන් ගත්තා. දිගු ඇහිපිය වැසි ජලයෙන් පෙගී යද්දී පොඩ්ඩක් වත් නොසැලුනු එයාගේ ඇස් දැනටමත් රතු පාට වෙලා තිබුනේ ලුණු මිශ්‍ර වුනු ජලය නොකඩවා ගලා යෑම නිසයි.සර බර හඩින් සෙලවෙන කුඩා ගස්, වැල් සහ කෘමීන් කැළය මැදට වී මධ්‍යම රාත්‍රිය පසුවී ගෙවී යන මේ හෝරාවේ සොහොනක් ඉදිරිපසට වී කදුලු වගුරවමින් වුවද සිදී ගිය හැගීම් සහිත ඇස් ඇතිව සිටින මේ තරුණයා වෙත එබිකම් කලා.
මේ මොහොතේ මුතූගේ හදවතට දැනෙන හැගීම එයාට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. දුක පිට කරන්න අඩන්න ඕන කිව්ව මුතූ තිනේශ්ට ම අද තමන්ගේ ඒ වචන අමතක වෙලා ගිහින් තිබුනා. ඇස් වලින් ඇද හැලුනු කදුලු කඩා හැලුනේ තමන්ට ඕන නිසා මිසක් මුතූගේ හදවතට අඩන්න ඕන කියලා දැනුනේ නෑ.
තමන්ගේ ඇස් ඉස්සරහ තියෙන ඇත්ත එයා ප්‍රතික්ෂේප කරමින් හිටියා. ඒක මායාවක්. මේක විහිලුවක්. නොනවත්වා තොල් මතුරමින් හිටිය මුතූ පොළව උඩ දන ගානම සොහොන් කොත ලගට ගිහින් එහි දූවිලි පිසදාන්න පටන් ගත්තේ ලාවට පේන නම තවත් පැහැදිලි කරගන්න ඕන නිසා. මුතූ විශ්වාස කලා දූවිලි නැති වුනාම නියම අයිතිකාරයගේ නම මතු වෙලා එයාගේ අවිරාධගේ නම පරණ සොහොන් කොතෙන් මැකිල යයි කියලා.
ඒත්...
කිසිම දෙයක් වෙනස් වුනේ නෑ.සොහොනේ තිබුනු අවිරාධගේ නම කලින්ටත් වඩා පැහැදිලිව වගේම ඊට පහලින් උපත සහ මරණය වූ දිනයන් මතු වෙද්දී මුතූගේ උගුර හිර වෙලා ගියා.
YOU ARE READING
ආතුරයා || Nonfic Bl
Non-Fictionලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක...