- පරිච්ඡේදය 03 -

420 95 112
                                    


ඉවරයක් නැති බලු අදෝනාව තාමත් එහෙමමයි. මාටින් මාමා අපේ ගෙදර වැට කඩොල්ල පැන්න විතරයි අහස දෙබා කරගෙන වැදුණු හෙනේ හින්දා වලව් වත්තේ තිබුනු අවුරුදු පනහක් විතර පරණ උසම උස පොල් ගහ ජරාස් ගාගෙන සම්පූර්ණයෙන්ම පොළවට පතබෑ වුනා.

මිරැහැන වලව්වම දූවිල්ලෙන් වැහිලා යද්දී ඉස්තෝප්පුවේ රවුමට බංකුවක් වගේ කපල තිබුනු තේක්ක ලී කොටේ උඩ ඉදගෙන හිටිය මන් කම්මුලේ අත ගහගෙන ඒ දිහා බලාගෙන හිටියා.

ඉස්සර මිරැහැන වලව්වේ හිටිය අපි දැන් ඉන්නේ කාලෙකට කලින් වලව්වේ කරත්ත කාරයා පදිංචි වෙලා හිටිය කාමර දෙකයි කුස්සියයි පොඩි සාලෙ කෑල්ලකුයි ඉස්තෝප්පුවකුයි තිබුනු ඒ පොඩිම පොඩි ගෙදර. වලව්වට වඩා මේ පොඩි ගෙදර අපේ තත්වේ සහමුලින්ම වෙනස්. එක වචනෙකින් කිව්වොත් අපි දුප්පත්.

සීයා තාත්තයි , ආච්චි අම්මයි , මමයි මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු පහක් විතර වෙන්න ඇති. මට හොදට මතකයි වරාදෙණියෙන් මම අස්වීම් සහතිකේ ගන්නකොට මම හිටියේ දහය වසරෙ.

වයස අවුරුදු දහයේ ඉදල පහළව වෙනකම් ගෙවුනු ඒ අප්‍රසන්නම අවුරුදු පහ මම හිටියේ වෙන කවුරුත් ළග නෙවෙයි මගේ සීයා තාත්තගේ දුව එහෙම නැත්නම් මගේ අප්පච්චිගෙ අක්කා වුනු මගේ නැන්දා ළග.

එදා ආවේශයක් නිසා මගේ අප්පච්චී අතින් එයා සෑහෙන්න ආදරේ කරපු මගේ අම්මා මැරිලා ගියා. සීයා තාත්තා අවුරුදු පහක් කෝමා එකට වැටුනා. ආච්චි අම්මව මානසික රෝහලට ගෙනිච්චා. මාව භාරගන්න කිසිම කෙනෙක් නැති වෙද්දී දහ අට සම්පූර්ණ නොවුනු මම මගේ එක නෑදෑයා වුනු නැන්දා ලගට ගියා.

අපායක් ! ඒක තනිකරම අපායක් ! බල්ලෙක්ටත් වඩා පහත් තැනක් මට ඒ ගෙදර තිබුනේ. උන් කාලා ඉතුරු වුනු කෑම මට කන්න උනා. උන් ඇදලා ඉරිලා ගිය රෙදි මට අදින්න උනා. රජයෙන් මට ලැබෙන්න ඕන අප්පචිගේ පඩිය උන් ගත්තා. හිතුමනාපෙට වියදම් කරා.

අම්බානක හිනා යනවා නේද .

වලව්ව දිහා බලාගෙන හිටිය මගේ සිතුවිලි ඉබේම දෝරෙ ගලාගෙන ගියේ මටත් හොරා.

" සීයා තාත්තේ "

බුදුන්ට පූජා කරන මල් වට්ටියේ ලස්සනට වතු සුද්ද මල් අහුරන ගමන් ඉන්න සීයා තාත්තා දිහා මන් ටික වෙලාවක් බලාගෙන හිටියා. එයා කොයි වෙලාවෙද මල් නෙලා ගත්තේ ?

ආතුරයා || Nonfic BlWhere stories live. Discover now