තබන හැම පියවරකදිම කල්පයක් දුර ඇවිද යනවාමෙන් හැඟීමක් සෙහෙස්ට දැනුණි.ඔවුන් වෙන් වූ තැනටම සිත පියමනින හේතුව නොතේරුණද ඔහුටද එතනට යාමට අවැසි විය.සියළු හමුවීමකම වෙන් වීම ලියා තිබු තැනම,ඔහුට මේඝට කළ ප්‍රේමය නිමා කර දැමිය යුතුය.ප්‍රේමය ඉපදුනේ මෙතන නොවූවද හද මිය ගියේ එහිය.හද මිය ගිය තැනම තම ආත්මය හා ගතද මිය යාම සුදුසු යැයි සිතුණේ සිත යටින් හෝ මේඝගේ පසුතැවීම බලාපොරොත්තුවෙන් ය.ඔහු මෙතන දකින වාරයක් ගානේම හැඬිය යුතුය.මේඝට නොදැනීම තම මිය ගිය ආත්මය වෙනුවෙන් නිල් පැහැ ඇස් කඳුළින් පෙගි රිදුම් දෙන්නට නම් ඔහු සෙහස්ව මරා දැමු තැනම අවසන් වරට සෙහස්ව හමු විය යුතුය.
රූෆ් ටොප් එක මතට පැමිණි සෙහස් මාස හතරක අතීතයේ වැටුණු වැස්ස යලිත් ඇද හැලෙනවාදැයි බලන්නට අහස දෙස බැලුවේය.පාන්දර යාමය වූවද අහස වෙනදාට වඩා කළුවර වී තිබුණි.තරු කැටයක් නොපෙනන තරමට වලාකුළු වලින් බර වූ අහස තවත් මොහොතකින් කඩා වැටෙන්නට සූදානම් වී සිටියේය.සෙහස් මාස හතරකට පසුව සිනාසුනේ කළුපැහැ අහසටය.අහස දෙස බලන් ඔහු සේසත්ට රහසින් ගත් ඔහුගේ දුරකථනය දෑතට ගත්තේය.හුරු පුරුදු ලෙසින් ඔහු මේඝගේ අංකය එයට ඇතුල් කරමින් සවන මත තබාගත්තේය.තප්පර කිහිපයක් ගත වන්නට ඇතිය.සෙහස් බලාපොරොත්තු නොවූවත් මේඝ සේසත්ගේ ඇමතුමට සම්බන්ධ වූවද වදනක් හෝ පැවසුවේ නැත.දෙපසම නිහඬ බවකින් පිරුණද පළමු දිගු සුසුම පිටකළේ මේඝය.ඔහුගේ සුසුමට පිළිතුරක් නොදීම සෙහස් දෑස් පියාගත්තේය.
මිනිසුන් වෙන් වීමකදි මතක තියාගන්නේ සතුට පිරුන මතකයන් ය.වෙන් වීමකදි හමු වීමක් ලියවේ නම් යලි හමුවීමකදි ඉතිරි විය යුත්තේ ඔවුන් හා බැඳි සතුටු මතක පමණය.නමුදු සෙහස්ට සහේලි,මේඝ හා බැඳි ආදරණීය මතකයක් මතක තියාගන්නට ඇවැසි නොවීය.ආදරණීය මොහොතවල් තුළ ඔහුට කළ ද්‍රෝහි කම,මුලාව පෑරි පෑරි මතක් වෙද්දි සිනාසුණ කාලයන් සිතෙහි තැන්පත් කරගත්තාට ඵලක් නැත.සෙහස් ඔවුනට වෛර කරන්නේද නැත.නමුදු සමාවක් දෙන්නටද නොහැකිය.හිත පිරී ඇත්තේ ඔවුන් නමින් වෙන් වූ ශුන්‍ය හැඟීමකින් ය.එහි සතුටක්,දුකක්,වේදනාවක්,පසුතැවීමක්,කළකිරීමක් වැනි කිසිම හැඟීමක් නැත.