දරාගන්නට නොහැකි තරම් හිස ඇදුම් කද්දි සහෙස් දෑත් හිස මත තබා ගනිමින් මේඝ්න අසළ තිබු හිස් ඉඩෙහි වැතිරුණේය.සහේලිගේ හඬ යළි යලිත් දෝංකාර දෙද්දි ඔහු දෙසවන් වසා ගත්තේය.අතීතය සම්පූර්ණ නොවී තැනින් තැන පමණක් සිහි වීම වේදනාව තව තව වැඩි කරන්නට සමත් විය.සහෙස් දරාගන්නට නොහැකි තැන නැගිට මේඝ්නගෙන් ඉවතට යන්නට හැදුවද මේඝ්නගේ අත ඔහුගේ අතක් අල්ලාගත්තේය.දෑස් ඔසවමින් මේඝ්න දෙස බැලුවද ඔහු දෑස් පියන් සිටියේය.සහෙස් හිතුවක්කාරකමට දෑඟිලි මුදවා ගන්නට උත්සහා දැරුවේ සහේලිගේ හඬ දෙසවන් තුල දෝංකාර දීම වැඩි වද්දීය." මට මේඝව හම්බුනා.එයා සහේළි එක්ක මම ගියපු රෙස්ටුරන්ට් එකේ හිටියා සේසත්.දන්නවද සහේලි ප්‍රෙග්නට්.මම එතනට ගිහින් ඕඩර් කරලා ඉදගද්දි මේඝ නැගිටලා සහේලිට නැගිටින්න උදව් කලා.එයා සහේලිගේ බඩට අත තියන් පුදුම සතුටකින් හිටියේ.ඇයි සේසත් එයා මගේ මල්ලිට මෙහෙම දෙයක් කළේ.ආදරේ නැත්තම් ඇයි මල්ලිව මෙච්චර දුරක් අරන් ආවේ.! එයා මල්ලි එක්ක ගියපු හැම තැනකටම සහේලිව එක්කන් යනවා.අද බෝර්ඩ් මීටින් එකේදි සහේලිගේ තාත්තා එයාගේ ශෙයාර් සෙල් කරනවා කියලා කිව්වා.එයාලා පවුල් පිටින් මෙහෙන් යන්න හදන්නේ.අද මේඝවයි සහේලිවයි දකිද්දි ඒහෙම කරන්න හදන හේතුව මට තේරුනා.එයාලාට ඕන අළුතින් ජීවිතයක් පටන් ගන්න."
එය තම මවගේ හඬ බව වැටහෙන්නට සහෙස්ට මහා වෙලාවක් ගත වූයේ නැත.එසේ නම් මේඝ්න යනු මේඝගේත් සහේලිගේත් දරුවාද.? ඔහුගේ ආත්මය සොයා ඇවිත් තිබෙන්නේ ඔහුගේ කලින් ආත්මය මරා දමන්නට හේතු වුන ඵලය ගාවටමද.?
" කොල්ලෙක්ට ආදරේ කරලා මමත් ගේ කියලා මිනිස්සුන්ට කියන්න මට පිස්සු නැහැ සෙහස්.තමුසෙගේ හීන ලෝකවලින් එළියට එනවා.මම ජීවිතේට කොල්ලෙක්ව කසාද බදින්න තරම් පො@#@ නෙවෙයි.මට ආත්ම ගෞරවයක් තියෙනවා.අනික කිසිම ඵලයක් නැති බැඳීමක මට ඉන්න ඕන නැහැ.මමත් ආසයි දරුවෙක් බලන්න.තමුසෙට පුළුවන්ද මට දරුවෙක් දෙන්න.හාර්ඩ් ෆක් එකකට තමුසේ හොදයි.ඒත් අනාගතයක්.? හිතද්දිත් මට මාවම පිළිකුල් වගේ දැනෙනවා.තමුසේ ගේ කෙනෙක් වුනාට මම ආස කෙල්ලන්ට.අපි සෙක්ස් කලා.ඒක සාමාන්‍ය දෙයක් නේ.අනික මට තමුසේ එක්ක හිටියා කියලා කිසිම ෆීලින් එකක් දැනුනේ නැහැ.බලනවකෝ තමුසේ දිහා.ගෑණියෙක් වගේ වුනාට එහෙම හිටියට තමුසේ කොල්ලෙක් සෙහස්.සහේළිට මම ආදරෙයි.අපි නෙක්ස්ට් වීක් මැරි කරනවා..එයාට පුළුවන් මට සාමාන්‍ය ජීවිතයක් දෙන්න."