ඔහු ළඟම සිටි සහෙස්ව මේඝ්න අඳුර මැද්දේ වුවද අඳුරාගත්තේය.ඔහුගේ ගතින් එන විලවුන් සුවඳ මෙන්ම උණුසුමද එය සිහිනයක් නොවන බව යලි යලිත් සනාථ කරද්දි මේඝ්න සම්පූර්ණයෙන්ම අවදි වූයේය.දෑස් පොඩි කරමින් ඔහු සහෙස් දෙස ඇස්පිය නොහෙලා බලා සිට තම ගත වටේට එතුන සහෙස්ගේ දෑත් මතින් දෑත් තබාගත්තේය.හිදින් එය සිහිනයක් නොවේය.ඔහු සැබැවින්ම මේඝ්න ළඟ සිටින්නේය.මුවඟ සිනහවක් ඇදුනද අවසන් දසුන් යලිත් සිහිපත් වද්දි මේඝ්න දිගු සුසුමක් පිට කළේය.
එදා මෙන්ම අදත් ඔහු ප්‍රමාද වැඩිය.ඔහු අන්හිතකට අයිති වී අවසන් ය.සියල්ලටම වඩා එදා මෙන් ඔහු පිරිමියෙකුට ප්‍රේම කරන නොවේය.මේඝ්න යලිත් දිගු සුසුමක් හෙළද්දි සහෙස් නිදි මතෙන් මේඝ්නගේ පපුව පිරිමැද්දේය.ඔහු නින්දෙන්ම මේඝ්නගේ ළය සිපගත්තද සහෙස්ගේ සිපුමන් අසළ වෙනදා මෙන් සිත සැනසුණේ නැත.පෙරටත් වඩා අසීමාන්තරව වේදනාවකින් එය මිරිකෙද්දි මේඝ්න තම විඩාබර හදවත සන්සුන් කරන්නට හිමින් පිරිමැද්දේය.
සහෙස්ට වරදක් කියන්නට නොහැකිය.ඔහු තමාට වෛර කරන්නට හේතුව තමාමය.අතීතයේ ඔහුව නොරිදුවා නම්,මුසා නොපැවසුවා නම් එදා හිමි වූ දෑත් අහිමි වන්නේ නැත.මෙතරම් විදවන්නේද නැත.සියල්ලෙහි වරදකරු ඔහුය.ඒ තීරණය ඔහුගේය.බැනුම්,රිදවූ වචන පැවසුවේද ඔහුය.හිදින් ඔහු ඒ සියල්ලටම ඇති වන්නට විදවිය යුතුය.සහෙස් අන් අයෙකුට හිමි වීම බලා සිටීම එහි පළමු විදවීමය.
හිදින් එදා ඔහු අළු පැහැ දෑස් රිදවූ ලෙසට ඔහු තම නිල් පැහැ දෑස් රිදවනවාට දොස් පවරන්නට නොහැකිය.එදා කෙතරම් නම් ඔහු යැද්දාද.! කෙතරම් නම් මේඝ අසළ වැදවැටෙමින් සහේලි හා විවාහ වන්න එපා යැයි පැවසුවාද.! හඬමින්,ඉකිගසමින්,බිම හැපෙමින්,යදිමින් ඉල්ලද්දි ඔහු සිත් පිත් නැත්තෙකු සේ සිටියා නොවේද.? සියල්ල ඔහුගේ අනාගතය ගැන සිතා කෙරූ බව සැබෑ වූවද එසේ කරන්නට තීරණය කළේද ඔහුමය.
ප්‍රේමයක් තනි පසෙක තීරණයක් මත වෙන්විය යුතු නැත.පටන් ගන්නට කලියෙන් අවසර යදිනවා නම් නවතන්නටද අනෙකාගේ තීරණයද ඇසිය යුතුය.ඔහු නොකලේද එයය.තම තීරණය ගැන පමනක් සිතා අනන්ත අප්‍රාමණව ඔහු සෙහස්ව රිදෙව්වේය.හිදින් මේ භවය ඔහුගේ විදවීමට වෙන් වූ එකක් ය.මේඝ්න සුසුම් ලමින් සහෙස්ගේ මුහුන ස්පර්ශ කළේය.හිදින් ඔහුව ස්පර්ශ කරන්නට අයිතියක් ඇත්තේ නම් ඒ රහසින් ය.ඔහු ලද අවස්තාවෙන් සහෙස්ගේ හිස සිපගත්තේය.ළය පිරි උතුරන ප්‍රේමය හදවතේ වාන් දොරටු කඩාගෙන දෝරේ ගලද්දි මේඝ්න තම දෙතොල් සහෙස්ගේ නලලතට තද කරගත්තේය.