රූෆ් ටොප් එකෙන් පහලට ආ සහේලි යූවින් එනතුරු රැඳී නොසිට ඇයගේ කාරයට ගනිමින් පිටත්වද්දි යුවීන් මේඝ්නව රැගෙන පහලට දිව ආවේය.නමුදු ඔහු ප්‍රමාද වැඩිය.සහේලි ඒ වද්දීද කාරය පාරට දමා දුරක් ගොස් තිබුණි.යුවීන් කලබලෙන් මේඝ්නව අසුනෙන් හින්දා අසුන් පටි පැළදමින් රියදුරු අසුනෙන් හිඳගත්තේය.කාරය වාහන අංගනයෙන් ඉවතට ගනිමින් ඔහු සහේලිට ඇමතුමක් ගන්නට ඇයගේ අංකය එඹුවේය.එය නාද වූවා පමනය.කීපවාරයක්ම උත්සහා කළද ඔහුගේ ඇමතුම් වල ඇය සම්බන්ධ නොවූවාය.ඇය ගිය දෙසට වාහනය දැමූවද යා යුතු තැනක් යුවීන් දැනසිටියේ නැත.ඔහුට ඔහු ගැනම කෝපයක් දැනෙද්දි යුවීන් තරහින් සුක්කානමට අතින් ගැසුවේය.ඇයට තම හිතෙහි ඉඩක් නොදුන්නද සහේලි යනු ඔහුගේ නීත්‍යානුකූල බිරිඳය.නමුදු ඔහු සහේලි ගැන දන්නා කිසි දෙයක් නැත.මේඝගේ නිවස හෝ ඇයගේ නිවස තියෙන තැනක්වත් යුවීන් නොදැනෙන සිටියේය.ඔහුත් සහේලිගේ පියා බ්‍රයන් අතරත් එතරම් සමීප ඇසුරක් නොතිබීම එයට හේතුවක් වූවා යැයි පෙරදාක සිතූවද සැබැවින්ම සියල්ලටම හේතුව ඔහු බව යුවීන්ට වැටහෙන්නට විය.
ඔහු නීතිමය අයිතියක් දුන්නාට සහේලි ගැන කිසි දෙයක් සොයා නැත.ඇයගෙන් විමසාද නැත.එක ගෙදරක ජීවත් වන දෙන්නෙක් වූවද ඔවුන් ගැන බිඳක් හෝ දන්නවා නොවේද.? සහේලි ඔහු ගැන සියල්ල දැන සිටියද ඔහු සහේලිගේ කැමැත්තක් අකමැත්තක් වත් දන්නේ නැත.ඇය වූවද කිසිදාක ඔහු ආ ඇයගේ දේවල් පවසා නැත.එය ඇයගේ වරදක් බව සිතිය යුතු වූවත් එයටද හේතුව ඔහුමය.විවාහ වූ මුල් දිනම ඇයට ඇයගේ සීමාවන් පැවසුවේ යුවීන් ය.නුවේද්යා මියගියද ඔහු ඇයගේ දෙමාපියන් බලන්නට ගියේය.ඔහුන් ගැන සොයා බලමින් වද වූයේය.හැම මාසයකම සතියකට හෝ ඔහු මේඝ්න රැගෙන නුවේද්යාගේ නිවසට ගියේය.ඔහුට ඇවැසි වූයේ මේඝ්නගේ හිතෙහි නුවේද්යාවද රන්දා තැබීමටය.
නමුදු එයින් සහේලිව,ඇයගේ පවුල ඔහුට මගහැරි ඇත.වැරදි කාරයෙක් වේ නම් ඒ ඔහුම පමණක් බව ඔහුගේ හිත දොස් පවරද්දි යුවීන් යා යුතු තැනක් නොදැන සුක්කානමට හිස තබාගත්තේය.තම පියා හෙළන සුසුම් දෙස බලන් සිටි මේඝ්න ප්‍රශ්නාර්ත බැල්මකින් යුවීන් දෙස බැලුවේය.