🍑 Peach 36 🍑

7.9K 414 32
                                        

අද හරියටම දෙසැම්බර් 24 . තව විනාඩි පහලවකින් මුලු ලෝකෙටම නත්තල් . මන් හිතන්නෙ මුලින්ම මේට . තවම ලංකාවට හවස වගෙ ඇත්තෙ . මන් ඉදියෙ Southwark Cathedral පල්ලියෙ මගෙ මුලු පවුලම එක්ක . යුගේෂ් අයියලගෙ ගෙදර අය මගෙ ගෙදර අය වගේම ඇලෙක්ස් අයියා එවෝන් අයියා රොයාන් අයියා දිව්‍යා නංගි රුක්ෂාන් අයියා දේශාන් අයියා කියන කට්ටියම එක්ක .

මුලු පල්ලියම බලබ් නත්තල් සැරසිලි නත්තල් ගස් මේ ඔක්කොමගෙන්ම සැරසිලා තියෙද්දි මන් බලන් ඉදියෙ මට ඉස්සරයින් පේන ජේසුගෙ රූපෙ දියා . හීන හැබෑ වෙද්දි හරි ලස්සනයි නේද ජේසුනි . එයා එක්ක අද මන් ආවා .

කොච්චිකඩේ පල්ලි යද්දි මන් හවස පූජාව වෙලාවට බලන් ඉදියා කෙල්ලො කොල්ලොන්ගෙ අත් වල එල්ලිලා ජේසුගෙන් ආශිර්වාද ගන්න හැටි . ජේසුගෙ පය ලග දනගහල ආශිර්වාද ගන්න හැටි . ඉතින් මන් ලංකාවේ ඉද්දි ඒ හීනෙ හැබෑ කරගත්තා ජේසුනි . තව මගෙ බලාපොරොත්තුවක් වුන අද දවසත් හැබෑ කරගත්තා .

යුගේෂ් අයියලා වැදගෙන ඉද්දි අපෙ ගෙදර කට්ටිය එක්ක ඇලෙක්ස් අයියයි මමයි මහ හඩින් ඇහෙන ගීතිකා කීවා . මන් ලග ඉන්න මට සමානම ඇදුමක් ඇදන් ඉන්න මගෙ යුගේෂ් දියා බලලත් මන් හිනා වුනා . හරි ලස්සනයි අද . වයිට් තව්සර් එකකට හේසල් කලර් ටී ශර්ට් එකක් ඇදලා සුදු ශූස් දෙකක් දාගෙන වයිට් කලර් වින්‍ටර් ජැකට් එකක් දාන් කොන්ඩෙ මුහුනට වැටෙන්න හදාගෙන මගෙ දියාම බලන් ආදරෙන් හිනා වෙන පිරිමියා එක්ක මන් හරි ආදරෙන් හිනා වුනා .

"මේ නත්තලෙ මගෙ ලග මට එහා පැත්තෙ හිටං ඉන්නවට තෑන්ක්ස් මගෙ පන"

"තෑන්ක්ස් ඇයි ම්ම් මගෙ වස්තුවගෙ එහා පැත්තෙ මන් අන්තිම මොහොත වෙනකන් ඉන්නවා "

තව විනාඩි තුනයි . බ්‍රිතාන්‍යයට නත්තල් ලබන්න තිබ්බෙ තව විනාඩි තුනයි හරියටම . කට්ටිය හරි හරියට ඇස් වල කදුලු පුරොවන් ජේසු බිලදගෙ උප්පත්තිය සමරන්න සැරසෙනවා ගීතිකා කිය කිය . මන් ලාවට දැක්කා අලෙක්ස් අයියා එවෝන් අයියගෙ නලල ඒ අස්සෙ හාදුවකින් තෙත් කරනවා . අනෙ ජීසස් මේ ලස්සන ආදර පරිස්සම් කරන්න .

මන් එහෙන්මම මගෙ එහා පැත්තෙ ඉදිය මගෙ පන ටිකගෙ අත් ගොබේට තොල් තද කරාම එයා මගෙ හිස් මුදුනට හරිම බර හාදුවක් තිබ්බා . හරියටම 12.00 යි . බර හාදුවත් නත්තල් උදාවත් සිද්ද වෙද්දි මෙරි ක්‍රිස්මස් කියලා ප්‍රේ කර කර ඉදපු ෆාදර් කියද්දි මගෙ තොල් මිමිනුවා . සුභ උපන්දිනයක් ජේසු බිලදා .

🌼💫 MY PEACH  🌼💫 [COMPLETED]Where stories live. Discover now