🖤බැඳීම්...

228 68 21
                                    

ආදරෙන් ආරම්භව
කොලේකින් සහතික වුන
විටෙන් විට බිඳෙන
තවත් විට ගොඩනැගෙන
අපූරු දෙයකි බැඳීම්...

ඇය නිවැරදි නොවූවත්
හැමවිට ඔහුද නිවැරදියි
නොකියමි මන් කිසිදින
අඩුපාඩු තිබුනත් ඔවුනතර
එයයි මා දුටු පලමු බැඳීම..

ගෙවෙන වසරක් පාසා
උස්මහත් වන මගෙ හිත
ඔහුගෙ වදන් වලින්
එලිදකින වැඩවසම් යුගයේ
අහුමුල්ලක හෙව් ඒ බැඳීම...

ඇය ඉකිලන විටෙක රහසින්
ඔහු සැතපුනා පියාගෙන ඇස්
අවැසි සැනසිලි වදන් වුව මුත්
බැඳීම් දෙදරා ගිහින් ඇත දැන්..

අවැසි මට නිදහසයි
ඔබෙන් ලද ඒ උනුහුමයි
අපේම වූ නිහඬ ලෝකයක
ඔබෙන් ලද ඒ බැඳීමයි..

___________

ප්‍රේමයේ පරිසමාප්ත අර්ථය නොදන්නා මුත්...
පාලනය තුල ගෙවන ප්‍රේමයේ හා නිදහසේ විඳින ප්‍රේමයේ වෙනස මම උගත්තෙමි.

බැඳීමක්,
විලංගුවක් විය යුතුම නැත.

Dear Someone♡Where stories live. Discover now