🖤හොල්මන්

71 10 6
                                    

වැළලුවත් හයක් යට
නැගිටින හොල්මන්,
භාගෙට මැරිලත්
ඇවිදින සොම්බින්,
පරලොව සෙල්ලන්
දාන මෙ හිතනම්,
Walking Dead වල
සීසන් two බන්.

______________________

සිතා බැලූ කළ මට ජීවිතය විටෙක thriller සීරිස් එකකි.
ගැහෙන හදින් යුතුව ඊළඟට මොන මංගල්ලයක් වේදැයි බලාසිටින විට මට එලෙස සිතෙන්නට ඇත.

නමුත් අවාසනාවකට screen writer ආසාවට මෙන් මෙවර එයට horror කෑල්ලක්ද අමුණා ඇත.

මරා වැළලූවත් විටින් විට මතුපිටට විත් හොල්මන් කරන ආත්මයන්, වගේවගක් නොමැතිව ඔහේ සැරිසරන භාග-ආත්ම ප්‍රාණීන් හා විපරීත ලෙස ඉස්මතු වන්නාවූ භයංකර සිතුවිලි මෙවර සීසන් එකේ බහුලය.

එහෙත් අවසන, ආරක්ෂක සුරයක් සොයාගන්නෙමි. එය තදින් අල්ලාගෙන, අනෙක් සියලු ආත්මයන් බෝතලයකට දමා මුහුදේ ගිල්වමි.සොම්බීන් සියල්ලටම දුටු තැන වෙඩි තබමි.

(Screen writerරයාවද සොයාගෙන ගොස්, උටත් දෙකක් තුනක් අනිමි!)

Dear Someone♡Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ