🖤අයිතු

44 8 2
                                    

අදාන්ත අයිතු හිතවත
මුග්ධ සිතැඟි පරිපූරණ
අල්ප වූත් උනඟ වත නුඹ
අකම්පිත ස්නේහ මනහර

ගර්හා අග්ගි මුවදොර
නිසල බව පැසසුම් ලද
මුත් ඉකුත් සැහැසි නිර්ණය
පැදුම්පස හිරු මෙන්මය

#බරපතල_අතීත_වග්ග

(අතීතයෙ මුණගැසුනු මුරණ්ඩු හිතවත..
අනුවණ හැඟීම් වලින් මහත් සේ පිරීගිය,
රූපයෙන් එතරම් පිරිපුන් අයෙක් නොවූවද,
නුඹේ නොසැලුන ස්නේහය මා අගය කරමි.

එතරම් අවලාද හමුවේ, නුඹ
තිර අධිෂ්ඨානයෙන් සිටීම ගැන මා ප්‍රශංසා කළද
එකල ගත් දරුණු තීරණයේ වෙනසක් වන්නෙ
හිරු නැගෙනහිරින් නොපැයූ දිනටය.)

Dear Someone♡Where stories live. Discover now