සිතින් විතරක් 🥀🥀🥀🥀

1.7K 262 40
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

1🍁

"යාහ් උඩ බලාගෙනද යන්නේ "

කල්පනා ලෝකෙක අතරමං වෙලා කාලෙකට පස්සේ දකින වෙනස් වුන සෝල් නගරයේ වීදි ඔහේ බලාගෙන ඇවිදගෙන ආපු මං කල්පනාවෙන් මිදුනේ කන ලගම කවුරු හරි කෑ ගහපු සද්දෙට.

එහා පැත්ත හැරිලා බලද්දි මං දැක්කේ මගේ දිහා තරහින් බලන් ඉන්න handsome කොල්ලෙක්, මං හැරිලා බලන කොට ම දාගෙන හිටපු black shades ගලවලා ඇස් දෙක හීනි කරලා මගේ දිහා බලද්දි සත්තයි එක මොහොතකට හදවත අමුතුම රිද්මයකින් ගැහුනා.

මගේ දිහා බලලා එහෙමම බිමට නැමිලා බිම විසිරිලා තිබුන මගේ බඩු ටික එයා ඇහිදිද්දී මාත් ඉක්මනින් බිම තිබුන බඩු ටික ඇහිදලා එයාට දුන්නා, ස්තුතියි වත් නොකියා සීතල බැල්මකින් මගේ දිහා බලපු එයා යන්න යද්දී මොහොතකට ගල් වෙලා මං ඒ දිහා බලාගෙන හිටියා.....ඒ හීනි ඇස් හිත හිරිවට්ටනවා......

මං කියාරා.... කිම් කියාරා...පුංචි කාලේ අප්පගේ රට වුන හංගුක් වල හැදුනු මං මට අවුරුදු දහයක් වෙද්දි ඔම්මයි අප්පයි මගේ සහෝදරයෝ තුන් දෙනයි එක්ක ඇමරිකාවට ගියේ, මගේ වැඩිමහල් සහෝදරයෝ දෙන්නටම පුංචි කාලේ ඉදන් තිබුන හීනේ හෑබැ කරගන්න ඕන නිසා,

මගේ වැඩිමහල් ඔප්පා කිම් සියොක් ජින් දෙවෙනියා කිම් නම්ජූන් ඉගෙනීමට උපතින්ම දක්ෂ වුන එයාලා දෙන්නටම ඕන වුනේ ඔම්මගේ සහෞදරයා වගේ scientist ලා වෙන්න, එතකොට තුන් වෙනියා කිම් ටේහයුන්ග් විනාඩි තුනකින් මට වඩා වැඩිමල් මගේ නිවුන් සහෝදරයා එයයි මමයි දෙන්නම අප්ප වගේම බිස්නස් ෆීල්ඩ් එක තෝර ගත්තා....

ගෙදර හැමෝගෙම විරෝධය මැද ටේගේ මැදිහත් වීමෙන් මං අද හංගුක් වලට ආවේ මගේ ඒක පාර්ශවික ආදරේ හොයාගෙන, පාක් ජිමින් මගේ ඒක පාර්ශවික ආදරේ,අන්තිම වතාවට මං එයාව දැක්කෙ මට අවුරුදු දහයෙදි පුංචි කෙල්ලෙක් කාලේ, අද වෙන කොට අවුරුදු පහලවක් ගෙවිලා ගිහින්,.......

ජිමින් හැමෝටම ජිමින් වෙන කොට මට විතරක් මෝචි, මං හැමෝටම කියා වෙනකොට මෝචිට විතරක් යාරා වුනා. පුංචි කාලේ ටේයොනුයි මමයි නිවුන් සහෝදරයෝ වුනාට අපි දෙන්නා ට දෙන්නා එකතු වුනොත් රංඩුවක්, ඉතින් අපේ රංඩූ බේරන පුංචි දේව දූතයා වුනේ ජිමින්, පුංචි කාලේ ඉඳලම ජිමින් ලංවුනේ මට ටේයොන් නපුරු සහෝදරයා වෙන කොට ජිමින් මගේ හිත හදන මගේ ඒන්ජල් වුනා, අදටත් ඒ රෝස කම්මුල් හීනි ඇස් හදවතේ ගැඹුරුම තැනක නිධන් වෙලා.......

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now