සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀

757 235 42
                                    

සිතින් විතරක්🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

4🍁🍁🍁🍁

වාහනයට නැගපු වෙලාවෙ ඉඳලා ජිමින් මගේ දිහා හොරෙන් හොරෙන් බල බල හෙමින් හිනාවෙන්න පටන් ගත්තා. හෙමින් හිනා වෙවී හිටපු jimin එක පාරටම හයියෙන් හිනාවෙන්න පටන් ගද්දි නම් අහක බලාගෙන හිටපු මං හැරිලා ජිමින් දිහා බැලුවා,

"වේ "

"යාහ් යාරා ඔයා නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ"

"වේ වේ"

"මතකද ඉස්සර ටේ කාත් එක්ක හරි රන්ඩු වුනාම අඩ අඩා බැනලා චිට් ලියලා තැන් තැන් වල හංගනවා, ඔයා හැංගිලා බලාගෙන ඉදලා ඒවා හොයාගෙන ටේට ඇහෙන්න කියවලා හොදටම ගුටි කාලා මගේ ලගට දුවගෙන එනවා "

"ම්ම් මතකයි"

"අඩනකොට නලවන්න මං ඉන්නම ඕන ඉතින් "
මගේ කනෙන් අදින ගමන් එහෙම කියපු ජිමින්,
"ටේ තාමත් ඉස්සර වගේ රන්ඩු කරනවද යාරා "

"ම් ආනී දැන් ටේයොනා තරම් මාව දන්න කෙනෙක් තවත් නෑ මෝචි, මගේ පුංචි වෙනසක් වුනත් ඉක්මනින් තේරෙනවා දැන් "

"ඒ කියන්නේ මගේ අඩුව ටේයොන් පුරවලා, "

ඔයාගේ අඩුව පුරවන්න පුළුවන් ඔයාට විතරයි මෝචි හිතින් විතරක් එහෙම කියපු මං හිනාවෙලා අහක බලාගත්තේ තවත් කථා කරන්න ගිහින් ජිමින් ට මගේ හිත තේරෙයි කියලා.

අපි ගෙදරට එනකොට ජෙනී breakfast order කරලා තිබුන නිසා ඒ දෙන්නත් එක්කම කෑමට වාඩි වුන මං ගැස්සිලා ගියේ ජිමින් තරහින් කෑ ගහලා මගේ කෑම එක උදුර ගද්‍දී,

"යාහ් තමුන් මොකක්ද කරේ ජෙනී යාරාට මෂ් රූම් ඇලර්ජි, මං කියපුවාද තමුන් ඕඩර් කරලා තියන්නේ ෂිට් "

ටේබල් එකෙනුත් නැගිටලා අත් ගසා දදා දගලන ජිමින් දිහා මං ටිකක් වෙලා බලාගෙන හිටියේ එක පාරටම උන දේ හිතාගන්න බැරිව , ඒත් ජෙනී මටත් රවලා මේසෙන් නැගිටලා යන්න ගියා. එතකොට යි මට කථා කරන්න මතක් වුනේ.

"යාහ් මෝචියා තමුන් ට පිස්සු හැදීගෙන එනවද, ඔහොම කෑ ගහන්නේ "

"මං බය වුනා යාරා මතකද එක දවසක් දන්නේ නැතුව මෂ් රූම් නූඩ්ල් එකක් කාලා ඔයාට ගොඩක් අමාරු වුනා "

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now