සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀

745 239 31
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

3🍁🍁🍁

උදේම ලෑස්ති වෙලා මං එලියට ආවේ, අපාර්මන්ට් එකක් ගැනත් බලලා, ජිමින් ගේ පරන ගෙදර ට පොඩ්ඩක් ගිහින් බලනවා කියලා හිතාගෙන, ඒත් මං එලියට එන කොටම,,සුදු අත් දිග ෂර්ට් එක ඇදලා කලු කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාගෙන උඩ බොත්තම් තුනක් ඕපන් කරගෙන පඩි පෙළ බහින ජිමින් ව දැක්කම මට යන්න ආපු ගමනත් අමතක වුනා. මං එහෙමම නැවතිලා ඒ දිහා බලාගෙන හිටියා අවුරුදු ගානක් මං බලාගෙන හිටපු මගේ ආදරේ අද මගේ ඇස් ඉස්සරහ ඒත් වෙන කෙනෙක්ගේ වෙලා ඒත් එක්කමයී මෙච්චර වෙලා ජිමින් දිහාවට හැරිලා තිබුන මගේ ඇස් බිමට බර වුනේ...

මගේ දිහාම බලාගෙන පඩි පෙළ බැහැපු ජිමින්,

"යාරා කොහේ හරි යන්නද"

"ආහ් ඔව් මෝචි, මං අපාර්මන්ට් එකක් බලන්න යන්න කියලා "

"අපාර්මන්ට් එකක් ඒත් යාරා ඔයාට මෙහේ ඉන්න පුලුවන් නේ "

"ඒක හරි නෑනේ මෝචි, අනික ජෙනී මොනා හිතයිද "

සාක්කුවේ අත් දෙක දාගෙන ම උඩ බලාගෙන හිනා වුන ජිමින්,

"එයා වැඩි හරියක් ඉන්නෙත් මෙහේ තමා යාරා, ඔන්න කොහේවත් යන්න බෑ හරී"

යන්තමට ඇස් දෙක තෙත් වෙලා යන කොට මම බිම බලාගෙන ම ඔලුව වැනුවේ හා කියන්න.

"ම්ම් good girl යමු උදේට මොනා හරි කමු එලියෙන් "

කා එකට නැගලා ටික දුරක් යද්දි මට කෝල් එකක් ආවේ හේසෝක් ඔප්පා ගෙන්, හේසෝක් ඔප්පව තමා ගෙදරින් මට propose කරලා ඉන්නේ, හේසෝක් ඔප්පා යි මගේ ජූන් ඔප්පයි හොදම යාළුවෝ, දෙන්නා ඉන්නේ field දෙකක වුනත් ඒ දෙන්නගේ යාලුකමට ඒක බාධාවක් වුනේ නෑ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමා හේසෝක් ඔප්පා ගේ අප්පා හේසෝක් ඔප්පව මට propose කරන්නේ, තාම මං මේකට වචනයක් දීලා නැතත් හේසෝක් ඔප්පා මං ගැන හොයලා බලන්න අමතක කෙරුවේ නෑ,

"කියන්න ඔප්පා "

"කියා ඔයා පරිස්සමට ගියාද, මමත් තව two days වලින් ඔහෙට එනවා "

"ඔව් ඔප්පා, ඒ මොකද ඔප්පා හදිසියේම "

"ම්හ් හදිසියක් නෑ කියා මට ටිකක් ඔයත් එක්ක තනියම කථා කරන්න ඕන"

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now