සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀

746 243 37
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

7🍁🍁🍁🍁🍁🍁🍁

පාන්දර මට ඇහැරුනේ මොකක් හරි වැටෙන සද්දයක් ඇහිලා වෙලාව පාන්දර පහයි කාලයි මං නැගිටලා එලියට ආවේ සද්දේ මොකක්ද බලන්න. මුලින්ම ජන්කුක් ව ඇහැරවලා ඉන්න හිතලා ජන්කුක් නිදාගන හිටපු සෝෆා එක ලගට යන්න යද්දී ජන්කුක් එතන නෑ කියලා මං දැක්කා මොහොතකට හිතට බයක් දැනුනත් ඊලග තත්පරේ මගේ කටින් හිනාවක් පැන්නේ බිම වැටිලත් සැපට නිදාගන ඉන්න ජන්කුක් ව දැක්කම. (මතකයි නේ 😁)

ජන්කුක් ව ඇහැරවලා තව ටිකක් නිදා ගන්න කාමරේට යවලා මං එහෙමම වොෂ් එකක් දාගෙන හොට් චොක්ලට් එකකුත් හදාගෙන ගාඩ්න් එකට ආවා, ගාඩ්න් එකත් හරියට ජිමින් ගේ ජීවිතේ වගේ කිසිම නඩත්තුවක් නැති නිසා වල් වැදිලා.ගාඩ්න් එක පුරා ඇවිද ඇවිද මං කල්පනා කරේ හේසෝක් ඔප්පා හදිසියේම මාව හම්බ වෙන්න ඕන කියපු හේතුව මොකක්ද කියලා, ඇත්තටම මට හේසෝක් ඔප්පව දැනුනේ මගේ ඔප්පලා තුන් දෙනා වගේමයි එතනින් එහාට වෙන බැදීමක් ගැන හිතන්න කවදාවත් බෑ කියලා මං දැන ගන හිටියා, මොන දේ වුනත් අද හේසෝක් ඔප්පට ඒක පැහැදිලි කරනවා කියලා මං හිතා ගත්තා, අව් රැල්ලක රස්නේ කම්මුලට දැනෙද්දි මං ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ඇතුළට යන්න හිතාගෙන, ඒත් අහම්බෙන් වගේ මගේ ඇස් නැවතුනේ උඩ තට්ටුවේ ජිමින් ගේ රූම් එක ලග , දෙපැත්තට ඇදලා දාලා තිබුනා සුදු පාට කර්ටන් එක මැද ජනෙල් විදුරුවට හේත්තු වෙලා අත් දෙකෙන්ම මූන වහගෙන හිටියේ ජෙනී, එක අතක් ඉනට තියාගෙන අනිත් අත ඔලුවේ තියාගෙන කාමරේ පුරාම ඇවිද ඇවිද හිටියේ ජිමින් ඊලගට බැල්කනි එකට ආපු ජිමින් බැල්කනි එකේ අත් වැටට වැලමිට වාරු කරගෙන බිම බලාගත්තා, ජිමින් එහෙම ඉන්නේ එයාගේ අතින් වරදක් වුනාම වගේම එයාට මොකක් හරි guilty feeling එකක් දැනුනම කියලා මං අත් දැකීමෙන් දැනගෙන හිටියා ඒත් එක්කම ජනේලෙට හේත්තු වෙලා හිටපු ජෙනී ඇවිත් පිටිපස්සෙන් ජිමින් ගේ ඉනවටේ අත් දෙක දාලා ජිමින් ට තුරුලු වුනා, ජිමින් ජෙනී ගේ අත් දෙක ගලවන්න හදනවා දැක්කත් මට තවත් ඒ දිහා බලාගෙන ඉන්න ඕන වුනේ නෑ.

මං ඇතුලට එන කොට ජන්කුක් නැගිටලා ලෑස්ති වෙලාත් ඉවරයි.

"කියාරා කොහෙද ගියේ මං ලෑස්ති "

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now