සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀

764 234 38
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

9🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

අංකල් හැමදේම ලේසියෙන් විසදෙයි කියලා හිතුවට ජන්කුක් දල්පො ගැන NIS එකේ එයාගේ අදුරන යාලුවෙක් වුන මින් යුන්ගි ට කිව්වේ කෝකටත් හොදයි කියලා, ඒත් පහුවදා අපිට එන්න කියලා යුන්ගි කිව්වේ දල්පෝ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වගේම under world එකත් එක්කත් ගොඩක් සම්බන්ධතා තියන අපරාධ කාරයෙක් කියලා, දල්පෝ ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න නම් ජිමින් ගේ ඇත්ත ඔම්මා මිසිස් සෝයුන් ගේ මානසික තත්ත්වය හොද වෙන්න ඕන, ඉතින් මේ නිසාම අපිට ටික කාලයක් ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා,...

මුලින්ම ජෙනී ගේ හොර අල්ලන්න ජිමින් ගේ ගෙදරින් යමු කිව්වත් අංකල් ගේ කථාව ඇහුවම ජන්කුක් ඒ අදහස අතැරලා දැම්මා, ඒ වගේම යුන්ගි ගේ අදහස වුනෙත් මේ වෙලාවේ ජිමින් ව ජෙනී එක්ක තනි කරන එක හොද නෑ කියලා.

දවස් ගෙවිලා ගියේ හරිම හෙමින්, හැමදාමත් ජිමින් ජෙනී ගේ තුරුලේ රැය පහන් කරන කොට හිත ඇතුලේ හිර කරගෙන ඉන්න මගේ ආදරේ වේදනාව රෑ පුරාවටම කදුලු වලින් දියකරලා අරින මන් යංතං අදුර මැකෙන කොට ජන්කුක් ට කාමරේ ට ඇවිත් නිදා ගන්න කියලා එලියට යනවා....

ජිමින් ගේ ජීවිතේ වගේම නඩත්තුවක් නැති ගාර්ඩ්න් එක මැද්දේ හැම පැත්තට අතු විහිදලා ඔහේ හැදුන කහ පාට වැල් රෝස පදුර යට තියන සුදු පාට සිමෙන්ති බංකුවේ වාඩි වෙලා කැලෑ වැදිලා තියන ගාර්ඩ්න් එක ලස්සන කරන්න මං හැමදාම හීන දකිනවා, කල්පනා ලෝකේ ඉන්න මගේ ඇස් වලට නින්ද එන්නේ පාන්දර සීතලත් එක්කමයි, උදේ ඉර එලියෙන් කම්මුල් රත් වෙනකොට තමයි හෝරා දෙකක නින්දෙන් මං ඇහැරෙන්නේ.

පුංචි හුලගක් තිබුනත් වැස්සක සලකුනක් තිබුනේ නැති නිසා එදත් පුරුදු විදිහටම උදේම නැගිටලා ගාර්ඩ්න් එකට ගිහින් හෙමින් පියවෙන ඇස් පියන් වලට ඉඩ දීපු මං එක පාරටම ගැස්සිලා ඇහැරුනේ කම්මුලට දැනුන නුපුරුදු ස්පර්ශයක් නිසා,.....

ඇස් ඇරලා බලද්දි මගේ මූනට වැටෙන ඉර එලිය මුවා වෙන්න හිටගෙන මගේ මූනටම එබිලා ඉදලා කෙලින් වුනේ ජිමින්, කම්මුල අතින් අල්ලගෙනම කෙලින් වුන මං,,,,,

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Där berättelser lever. Upptäck nu