සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀

733 241 46
                                    

https://m.facebook.com/groups/1324797047869747/permalink/1466743370341780/

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

6🍁🍁🍁🍁🍁🍁

නිදාගන්න හිතාගෙන කාමරේ ට ආවත් ඔහේ ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියා ඇරෙන්න නිදා ගන්න හිතේ නිදහසක් මට තිබුනේ නෑ, ජිමින් ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පැටලුන නූල් බෝලයක් වගේ වෙලා, ඒත් ඒකෙ කෙලවරක් හොයනවා වෙනුවට ජිමින් කරලා තියන්නේ ඒක තව තවත් පටල ගන්න එක කියලයි මට හිතුනේ, ප්‍රශ්න එකින් එක විසද ගන්නවා වෙනුවට ජිමින් ගේ හදිසි තීරන නිසා එයා තව අලුතින් ප්‍රශ්න ජීවිතේ ට එකතු කරගෙන, ජිමින් ගේ ආදරේ මං නොවුනත් එයා එයාගේ ආදරේ එක්ක සතුටින් ඉන්නවා නම් එයා දිහා ඈත ඉදන් බලලා හිත හදා ගන්න තිබුනා, ඒත් දුර දිග නොබලා හැගීම් වලට වහල් වෙලා එයා අද නොගැලපෙන බැදීමක හිරවෙලා. දුකක් තරහක් මිශ්‍ර වුන හැගීම් පෙලක් හිතේ තෙරපෙද්දි කදුලකට අර අදින ඇස් පියන් වලට ඉඩ දීලා මං ඔහේ බලන් හිටියා........

ටීක වෙලාවකින් දොර ලගින් ඇහුනො ජන්කුක් ගේ කටහඩ,,,,

"කියාරා ඔයා එලියට යනවනම් 10 minutes වලින් ලෑස්ති වෙලා එන්න මං එලියේ ඉන්නවා "

ජිමින් ගේ ප්රශ්න කිරිල්ලෙන් ගැලවෙන්න එලියට යනවා කිව්වත් එලියට යන අදහසක් මට තිබුණෙ නෑ, මට එන්න බෑ කියලා ජන්කුක් ට කියන්න මං එලියට යන්න ආවේ ඒ වෙන කොට ජන්කුක් ගේ ෆෝන් නම්බර් එක මගේ ලග තිබුනේ නැති නිසා, ඒත් කාමරේ දොර අරිද්දිම මට ඇහුනේ උඩ කාමරෙන් ජෙනී ගෙයි ජිමින් ගෙයි සද්දේ, ක්ෂණිකව හිතට ආපු අදහසට මං ආපහු ඇවිත් ලෑස්ති වුනේ එයාලගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන නැති නිසා.

මං එද්දි කා එකට හේත්තු වෙලා දොර දිහා බලාගෙන හිටපු ජන්කුක් මටත් නගින්න කියලා කා එකට ගියා, ඒත් මට ඕන උනේ ටිකක් නිදහසේ ඇවිදින්න, ඒ නිසාම කා එක තියලා පයින් ඇවිදගෙන ආපු අපි දෙන්නා කථාවක් නැතුව ම ඇවිත් තිබුනේ හන් ගග ලගට, තවත් ටික වෙලාවකින් හන් ගග ඉස්සරහ පුංචි සිමෙන්ති බංකුවක අයිස් ක්‍රීම් දෙකක් කකා අපි දෙන්නා අපේම සිතුවිලි ලෝකවල අතරමං වෙලා ඉද්දි එක පාරටම මගේ දිහාවට හැරුන ජන්කුක්,,,,

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now