සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀

809 237 37
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

2 🍁🍁

"යාරා අපි ආවා, කෝ බැහැලා එන්න "

කෙටි නින්දක හිටපු මං ඇහැරුනේ ජිමින් ගේ කට හඩින්, ඇස් ඇරලා වට පිට බැලුවේ මං ආසම ජිමින් ගේ පැරනි තාලෙට හදපු ලොකු ගෙදර දකින්න උනත්, නවීන පන්නයේ විසල් මැදුර හිතට ගෙනාවේ චකිතයක්, මගේ දිහා බලාගෙන ම හිනාවෙලා මගේ සීට් බෙල්ට් ගලවපු ජිමින් බැහැලා යද්දී මාත් බැහැලා එයාගේ පස්සෙන් ගියේ නුහුරු හැගීමක් හිතේ තෙරපෙද්දි.

ගේ ඇතුලට ගියාට පස්සේ ජිමින් මගේ දිහාවට හැරිලා,

"ම්ම්හ් යාරා මොකද කලන්නේ ඔයා ගෙස්ට් රූම් එකේ ඉන්නවද, නැත්නම් උඩ මගේ රූම් එකට එහා පැත්තේ එකේ ඉන්නවද , ගෙස්ට් රූම් එක අරක"

"යාහ් මෝචියා මට බෑ ගෙස්ට් රූම් එකේ ඉන්න "

"එහෙනම් එනවා යන්න "

මගේ බෑග් එක උස්සලා ගත්ත ජිමින් පඩි නගින්න ගද්දි මාත් ඒ පස්සෙන්ම ගියා

"යාහ් මේකේ බර, ගෙස්ට් රූම් එකේ ඉන්න අරින්න තිබුනේ "

මං දිහා බලලා කට ඇද කරගෙන කියපු ජිමින් දිහා බලලා මං,

"ආන්ටි හිටියනම් කවදාවත් මාව ගෙස්ට් රූම් එකේ තියන්නේ නෑ මතකද ඉස්සර "

මට කියපු දේ කියලා ඉවර කර ගන්න ලැබුනේ නෑ රවාගෙන මගේ දිහා බලපු ජිමින් ගේ අතින් මගේ බෑග් එක අත ඇරෙනකොට,මගේ බෙල්ලෙන් අල්ලලා මාව අත් වැටට හේත්තු කරපු ජිමින් තරහින් හීනි වුන ඇස් වලින් මගේ දිහා බලාගෙන ඉද්දි බෑග් එක පෙරලිලා පහලට යනවා මං ඇස් කොනට දැක්කා.

ටිකෙන් ටික ජිමින් ගේ ග්‍රහණය තද වෙද්දි මං අත්දෙකෙන් ම ජිමින් ගේ අතේ එල්ලුනේ මට හුස්ම ගන්න අමාරු වෙද්දි.

"මෝ මෝචි මට රිදෙනවා, හුස්ම ගන්න බෑ"
කදුලු කම්මුල් දිගේ ගලද්දි මං කෑ ගැහුවේ වචනයක් වත් නොකියා මගේ දිහා රවාගෙන ඉන්න ඒ ඇස් දිහාම බලාගෙන, ඒත් එක්කම මගේ බෙල්ල අත ඇරපු ජිමින් මගේ මූනට ම එබිලා,

"මටත් දැනෙන්නේ ඔය විදියටම තමා යාරා ඔය ඔම්මායි අප්පයි කියන අය ගැන කෙනෙක් අහද්දි, මගේත් හුස්ම හිර වෙනවා, මටත් රිදෙනවා යාරා "

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now