5. Full Moon

688 128 22
                                    

( Before the explosion @ Taehyung's home )

" පුරහද පායන්න තව කොච්චර වෙලා තියනවද? " Taehyung ජනේල්ලේ දිහා බලන ගමන් ඇහුවා.

" හ්ම්ම්.... තව විනාඩි 17ක්‌ තියනවා " Daejung, Jimin ගෙ secretary අත් ඔරලෝසුව දිහා බලන ගමන් කිව්වා.

" අනේ අදවත් අපි එලියට, කැලේට යමුකෝ.... " Jungkook ඇස් දෙක පොඩී කරලා ඇහුව. හැබැයි ඒකට අවසර හම්බුනේනම් නැහැ.

" ඔයා දන්නවනේ පුතා.... අපේ ජීවිත-"

" අමාරුවේ දාගන්න බෑ.. ඔව් ඔව් ඕකනේ හැමදාම " Jungkook එයාගේ අම්මට ඉතුරු ටික කියන්න නොදී එයා වාක්‍ය සම්පුර්ණ කලා 😂 ඔය කතාව හැමදාම අහල එයාට එපා වෙලා තිබුනෙ.

මේ වෙනකොට Taehyung, Jungkook, Mr. & Mrs. Kim ඒ වගේම Daejung උත් එයාලගේ ගෙදරට සාලෙට වෙලා ඉදන් බලන් හිටියේ පුර හද පායනකන් 🌝 ඒකට හේතුව? ඔව් තව ටික වෙලාවකින් හොයාගන්න පුළුවන්.

වෙලාව ටිකෙන් ටික ගෙවිල ගියා.....
තත්පරෙන් තත්පරේ.....
විනාඩියෙන් විනාඩිය....
හද පායන්න තව විනාඩි හයයි

හැමෝම ඉදන් හිටපු තැන් වලින් නැගිටලා.... ගෙදර කොනට ඇවිදන් ගියා... එතන තිබුන දොරක්.... හැබැයි කාමරේක කියලා හිතන්න අමාරුයි... Mrs. Kim දොරේ අගුලට යතුර දාල ඇරිය. පල්ලෙහට යන්න පඩිපෙලක් තිබුනේ. මෙයාලට නම් මේක අලුත් දෙයක් නෙමෙයි ඉතිම්. කට්ටියම හිමින් සැරේ පල්ලෙහට බහින්න ගත්ත. ඊටපස්සේ පල්ලෙහට ඇවිත් lights on කලා.

" woah.... " හැමෝටම කියවුනා. මෙයාලට මේක හුරු පුරුදු තැනක් වුනත් හැම මාසෙකටම සැරයක් යන නිසා පොඩිම හරි වෙනසක් තිබුන. ඒ ඇයි කියලා කිව්වොත් මේ තැන කැලයකට සමාන කරන්න පුළුවන්. මෙතන තියන හැමදේම ස්වභාවිකයි. ගස්වැල් වලින් පිරිලා ඉතිරිලා ගිහින්. මල් පිපිලා පුදුම ලස්සනක්

 මල් පිපිලා පුදුම ලස්සනක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now