8. Rescued

593 117 38
                                    

" ඒයි......."

ඒ කටහඩින් මිනීමැරුම් අරමුණෙන් Aera ට ලංවෙමින් තිබුන ඒ දත් ටිකකට නතර වුණා.

" හා... හා..... Luna ව බේරගන්න අපේ සිහින කුමාරයා ඇවිත් වගේ..... " Aera ව මරන්න ආපු කෙනා කවුද ආවේ කියලා හැරිලාවත් බලන්නේ නැතුව සමච්චලේට හිනා වෙන ගමන් කිව්වා.

" Park Ju Hwan..... ඔය කෙල්ලව අතඇරපන් "

" අහ්හ්... මේ අපේ සුවච කීකරු බලු කුක්කා නේ..... ඉතින් Daejung.... මොකෝ මේ පැත්තේ? " Juhwan පිටිපස්ස හැරුනම ඉන්නේ Jung කියලා දැක්කම එහෙම ඇහුවා.

ඔව් Aera ව මරන්න ඇවිත් ඉන්නේ Juhwan. Yunmi ගෙන් විස්තර අහගත්ත ගමන් එයා ක්‍රියාත්මක වුණා.

Juhwan ඉන්න තැනින් නැගිටලා අඩියක් දෙකක් Daejung ගෙ පැත්තට ගියා. එහෙම එනවත් එක්කම Jung එකෙන් ප්‍රයෝජන අරගෙන,

" Aera.... දුවන්න.... දුවන්න.... ඉක්මනට "

කෙල්ල කොර ගගහ වැටි වැටි කොහොමහරි දිව්වා. Juhwan Aera ව නවත්තන්න යද්දී Jung පාර හරස් කලා.

" හ්ම්හ්..... එහෙනම් උබවත් ඉවරයක් කරලම යන්නම්කො 😏" එහෙම කියලා Juhwan Jung එක්ක සටනකට ලෑස්ති වුණා. Daejung උත් ඕන වෙලාවක සටනකට ලෑස්ති වෙලා ඉන්නේ 😏

දෙන්නම දනිස් වලින් ටිකක් නැමිලා, රවුමට රවුමට ඇවිදින්න ගත්ත........ Hwan ගොරවන්න ගත්ත.....Jung ගෙ k9 දත් පිටතට එන්න පටන් ගත්ත....... මොහොතකින් දෙන්නගෙම ගෙරවිලි හඩ දරුණු වෙන්න ගත්ත...... Hwan Jung දෙන්නම එක අවස්ථාවකදී වෘක ස්වරුපයට වෙනස් වෙන්න ගද්දිම, ගොඩක් පළපුරුදු සටන්කරුවෙක් විදිහට Daejung මොලේ පාවිච්චි කරලා උඩු බිරුමකින් තමන්ගේ සගයන්ව කැදෙව්වා. Hwan ට වෙනස් වෙන්න වෙලා මදි වුණා. හතරවටින්ම ආපු ආරක්ෂකයෝ Hwan ව පුළුවන් තරම් ඉක්මනට කොටු කරගත්ත. Hwan ෆුල් අන්දොස් 😂. එයාලගෙන් ගැලවෙන්න Hwan කොච්චර උත්සහ කලත් වැඩක් වුණේ නැහැ. කට්ටිය වැඩි.

ඒ අතරේ Aera දුවපු දිවිල්ලට apartment එකෙන් එලියට යද්දී මොකක්ද box එකක් අතේ තියන් ආපු Jimin ගෙ ඇගේ වැදිලා දෙන්නම බිම වැටුණා 🌚😂

" wow..... Ms. Kim Aera. මොකක්ද මේ හදිස්සිය " නෝන්ඩි වෙන්න බැරි නිසා Jimin ඉක්මනට නැගිටලා Aera ට නැගිටින්න අත දුන්නා.

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now