" Aera..... Aera.... ඇස් අරින්නකෝ.... Aera..... 😥😭"
Jimin දෙතුන්පාරක් ම Aera ගෙ මූණට තට්ටු කලා. ඇහැරුනේ නැහැ. කෙල්ලට නින්ද ගිහින් ද? නෑ එහෙමත් නෙමේ. Jimin කලබල වෙලා Aera වත් එක්කන් hospital එකට ගියා.
' එයාල Aera ගෙ blood check කරයි ද? Aash... නෑ නෑ.... මං මොකක්හරි ඒකට කරනවා. සමහරවිට වෘකයොත් ඇති 🌚 අනේමන්දා..... අනේ Aera ඇස් අරින්න' යනගමන් Jimin හිත හිත ගියා.
" doctor එයාගේ condition එක? " Doctor Aera හිටපු room එකෙන් එලියට ආවත් එක්කම නොසන්සුන්ව හිටපු Jimin doctor ගෙ මූණට එබිලා ඇහුවා (හෙහ් ඔව්. එහෙම කරන එක හරි නෑ නේ. මරු හැබැයි 😃)
"Hmm... Wine නිසා නෙමේ. Drug එකක්. සාමාන්‍ය එකක් නෙමේ. ඇතුලේ ඉන්න වෘකයව අවුස්සන විදිහේ එකක් 😃 " අතේ තිබුන file එක දිහා බලන ගමන් අන්තිම වචන පේලිය Jimin ගෙ මූණ දිහා බලන් Doctor කිව්වා
" වෘක? ඔයා කවුද?😠 " ඒ doctor වෘකයෝ ගැන පරීක්ෂණ කරන පිස්සෙක් කියලා හිතිලා Jimin ටිකක් තදින් ඇහුවා
Doctor ටිකක් හිනා වෙලා මෙහෙම කිව්වා. " අහ්... Mr. Park ට මාව අදුරගන්න බැරුව ඇති. මම Min Ho, Lee Min Ho "
"oh- Min....... ආරක්ෂක Min.....😶"
" Yep 😇 "
" ඔයත් එයාට විරුද්ද වුණා නේ එහෙනම් "
" ඔව්. මගේ පක්ෂපාතීත්වය ඔයාට විතරයි Alpha. මං විතරක් නෙමේ, Juhwan ව අතෑරලා ආපු ගොඩක් අය මෙහෙ ඉන්නවා. එයාල ඔයා ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ Jimin "
" hmm " Jimin ට කියන්න පුළුවන් වුණේ එච්චරයි. ඒකට කොහොම ප්‍රතිචාරයක් ද දෙන්න ඕනේ කියලා Jimin ට හිතාගන්න බැරි වුණා.
" මට ඇතුලට යන්න පුළුවන් ද doc " ටිකක් වෙලා නිහඩව හිටපු Jimin ඇහුවා
" ඔව් පුළුවන්. තව දෙයක්... මට Minho කියන්න😇 "
Jimin එයාට හිනාවක් දාල ගියා Aera ව බලන්න.
Jimin ඇතුලට යනකොටත් Aera නැගිටලා හිටියේ. Jimin ඇතුලට එනවා දැක්කම Aera ට හිතාගන්න බැරි විදිහේ හැගීමක් දැනුනේ. 'අනේ මට එයාගෙන් kiss එකක් හම්බුනා නම්' Aera ට ඔහොම හිතුනා.
ඒත් එක්කම Aera ගෙ ඇහැට කදුලක් ආවේ එයා මොහොතකට කලින් හිතපු දේ අත්තක් වුණ නිසා. Aera ගාවට ආපු Jimin විනාඩියක්වත් නාස්ති නොකර Aera ගෙ තොල් වල කෙටි හාදුවක් තිබ්බා. ඒ වගේම ක්ෂණයකින් Aera ගෙන් ඈත් වෙලා ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තා. Aera ගෙ ඇස් වලින් කඩන් වැටුණු කදුළු බින්දු පිහිදන්න ඕන වුනත් Jimin එහෙම නොකර හිටියේ එයාව පාලනය කරගන්න බැරි වෙන බව එයා දන්න නිසා.
YOU ARE READING
Wolf Curse [PJM] Completed ✔️
Fanfictionමිනිස් වෘකයන් දෙදෙනෙකුගේ ආත්මගත ආදරය...... කෙලෙස අවසන් වේවිද........ සතුටින් ද... විරහවින් ද... දෛවය ඔවුන්ට වෙනස් කල හැකිද..... ~ ParkChimChim ~