03

1.4K 326 92
                                    

Third person POV...

" ඒත් මං හොයාගත්තා " ටේහියොන් හරිම ආඩම්බරයෙන් කිව්වා...

" What?? ඒත් කොහොමද?? ඒ කියන්නේ යුන්ගිගේ සැකය හරිද?? ජන්කුක් ඉන්නේ මෙහෙදි?? " ජින් ඇස් නළලලේ තියාගෙන ප්‍රශ්න කලා...

" හ්ම්ම්... මාත් එහෙම හිතනවා... දන්නවද හියුන්... මං මීට අවුරුදු පහකට කලින් මෙහෙට ඇඩ්මිට් කරපු ජන්කුක් වගේ අංශභාගය හැදුන ලෙඩ්ඩුන්ගේ රිපෝට්ස් චෙක් කලා... " ටේහියොන් එහෙම කියලා තමන්ගේම මේසේ ලාච්චුව ඇරලා ෆයිල් කවරය ක් එලියට ගත්තා..

" Soooo.. මේ රිපෝට්ස් වල මට ජියෝන් ජන්කුක් කියලා කෙනෙක්ව හොයාගන්න බැරි වුනා... But.. පාක් ජන්කුක් කියලා පේශන්ට් කෙනෙක්ව නම් මීට අවුරුදු පහකට කලින් මෙහෙට ඇඩ්මිට් කරලා තියෙනවා... හොදම දේ... එයාව මෙහෙන් ඩිස්චාර්ජ් කලා කියලා.. කිසිම රිපෝට්ස් එකක සදහන් වෙලා නෑ... " ටේහියොන් තමන්ගේ අතේ තිබ්බ ෆයිල් කවරේ එහෙ මෙහෙ පෙරලලා එක පිටුවකට තට්ටුවක් දාලා ජින්ට පෙන්නුවා...

" Oh I see ! ටේ ඔයාට හිතෙන සැකයම තමයි මටත් දැනුනේ... ඉතින් plan එකක් තියෙනවද?? "

" මං කවදද අනේ plan එකක් නැතුව වැඩ කලේ... අපි බලමුකෝ නේද?? "

" හ්ම්ම් හ්ම්ම්... හරි ටේ මට දැන් පේශන්ට් කෙනෙක් ඉන්නවා මං යනවා හොදේ... පස්සේ විස්තර කතාකරමුකෝ.. " ජින් ටේහියොන්ගේ රූම් එකේ දොරලගට ඇවිත් ආයේ මත් වරක් ටේහියොන් දෙසට හැරුනා.. 

" නම්ජුන්ව මතක් කලා කියන්න!! " ජින් යනවත් එක්කම ටේ මෙතරම් වෙලා පාලනය කරගෙන හිටිය හිනාව එලියට දැම්මා..

" අනේ මං දන්නේ නෑ මේ නාකි ජෝඩුව ඔය පරණ තරහවල් කවදා අතහරීද කියලා " ටේහියොන් හිනාවෙන ගමන් තමන්ටම මුමුණ ගත්තා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ජිමින්....... " මින් මන්දිරයේ වහළ ගැලවෙන තරම් හයියෙන් කෑගහන්නේ වෙන කවුරුත් නෙවෙයි ඒ ජිමින්ගේ අප්පා මිස්ටර් පාක්...

" අ...අප්පා...ඔ..ඔයා... මෙහෙ?? " ජිමින් පඩිපෙල දිගේ පහලට ආවේ බයෙන් වෙව්ලමින්...

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now