11

1.4K 277 47
                                    

__jungkook pov__

" කූ... එන්න අපි අර පේන ගේම්ස් තියෙන තැනට යමු... "ජිමින් හියුන් මට ඈතින් තිබුන games hut එකක් පෙන්නුවා... Games?? අනේ මංදා ඉතින්.. මාත් ඔන්න ඔහේ හා කියලා හියුන් එක්ක ඒක ඇතුලට ආවා....

.
.
.

අපි පැයක් විතර යනකම් ගොඩක් games play කලා.. චිමී හියුං නම් හැමතිස්සෙම පැරදුනා.. මං තමයි ඉතින් හැමවාරෙම දින්නේ... 😎

" චිමී !! කරන්න බැරි වැඩ නොකර ඉන්නවා හලෝ... " යුන්ගි හියුන් චිමී හියුන්ට විහිළු කලේ මං හත්වෙනි පාරටත් game එක දිනුවම... පවු අනේ කොට හියුන්...

" අනේ මේ බිළාලයෝ යනවා යන්න උදේ ඉදන් මට එක එක ඒවා කිය කිය මාව පච කරනවා.... සතියක් යනකම් එන්න දෙන්නේ නෑ මගේ කාමරේ පැත්ත පලාතකට හුම්.... " චිමී හියුන් යුන්ගි හියුන්ට බැනගෙන බැනගෙන ගිහින් අත්දෙක පපුවට කරලා බැදගෙන අනිත් පැත්ත බලාගත්තා.... මේ දෙන්නා හැමතිස්සෙම මේ වගේ රණ්ඩු වෙනවද දන්නේ නෑ... හැබයි හරි ශෝක්...

" අපෝ හරි හරි මැණික.... පූසාට සමාව දෙනු මැනවි..." යුන්ගි හියුන් මූණත් දෙක කරගෙන තොලුත් පෙරලගෙන කියපු විදිහට මටයි චිමී හියුන්ටයි හොදටම හිනා ගියා... " මේ අපි දෙන්නත් අර love tunnel එකේ ride එකක්
යමුද? " යුන්ගි හියුන් අහද්දී චිමී හියුන් මං දිහා බැලුවා... එයාලට මාව තනියෙන් දාලා යන්න බැරි නිසා වෙන්න ඇති...

" මට ප්‍රශ්නයක් නෑ හියුන්ගි.... අර හොබී හියුනූයි නූනයිත් ඉන්නේ... මං ඉන්නම් ඔය දෙන්නා ගිහින් එන්න.. " මං කිව්වේ එයාලට කරදරයක් වෙන්න මට ඕනේ නැති නිසා...

" හොදටම ශුවර්ද කුකී ? මං ගියාට කමක් නැද්ද?? "

" අයිගෝ... නෑ නෑ චිමී හියුන්...ඔයාලා යන්න... "

" හ්ම්ම එහෙනම් අපි යනවා... ඔයා හොබීලත් එක්ක ඉන්න... "

" හරි හියුන්ගි... "

ඒ දෙන්නා ගියාට පස්සේ මාත් හොබී හියුන්ලට කියලා මං එතනින් එලියට එන්න හදද්දී ටේ ටේ හියුන් හති දාගෙන අපි ඉන්න දිහාවට ආවා.... හිනා යන්නත් ආවා දුවගෙන ආව විදිහට...

අයියෝ ඔන්න ඊට පස්සේ හොබී හියුන්ලත් යන්න ගියා.. ඊට පස්සේ මායි ටේ ටේ හියුනුයි විතරයි... මෙයා එක්ක තනියම ඉද්දී පොඩ්ඩක් විතර ඇග හිරි වැටෙනවා වගේ....

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now